සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන් හා මැතිවරණ කොමසාරිස් අතර සාකච්ඡාවක් Featured

    දෙසැම්බර් 02, 2014

    මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා අද (02) පෙරවරුවේ ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යාංශයේදී රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීහු හමුවී සාකච්ඡාවක් පැවැත්වීය.


    දැනට ඇති මැතිවරණ පනතට අදාළ උපමානයන් පැහැදිලි කළ මැතිවරණ කොමසාරිස්වරයා ඒවා ආරක්ෂා කිරීම සඳහා ද උපදෙස් ලබා දීමට කටයුතු කළේය.

    ඡන්දය ප්‍රජාතන්ත්‍රවාදී ලෙස කළ යුතු බවට මෙහිදී උපදෙස් ලැබුණු අතර මැතිවරණ කාලසීමාවේදී මෙන් ම ඡන්දය තිබෙන දිනයේදීත් මාධ්‍ය හැසිරීම ගැන වැඩි අවධානයක් යොමු කළ යුතු බවට සාකච්ඡා කෙරිණි.

    මැතිවරණ ප්‍රතිඵල විකාශය හා ඊට අදාළ වැඩපිළිවෙළ ගැන ද මෙම සාකච්ඡාවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

    මේ අවස්ථාවට ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යාංශයේ ලේකම් චරිත හේරත්, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ මහාචාර්ය ආරියරත්න ඇතුගල, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට, ස්වාධීන රූපවාහිනී සේවයේ සභාපති අනුර සිරිවර්ධන, රූපවාහිනී සංස්ථාවේ සභාපති විමල් රූබසිංහ, ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ යන මහත්වරු, සහකාර මැතිවරණ කොමසාරිස්වරු ඇතුළු අමාත්‍යාංශ නිලධාරීහු රැසක් එක්ව සිටියහ.

    NDH

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya