සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නීරෝගී ලංකා ජාතික සෞඛ්‍ය වැඩසටහනේ අද බෝවන රෝග නිවාරණ දිනයයි

    දෙසැම්බර් 02, 2014

    ශ්‍රී ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවය පිළිබඳ ව පොදු ජන දැනුම ආකල්ප හා සහභාගීත්වය වැඩිදියුණු කිරීමේ අරමුණින් "නීරෝගී ලංකා ජාතික සෞඛ්‍ය සතිය" ඊයේ (01) ආරම්භ කළ අතර එය ලබන 07 දින දක්වා ක්‍රියාත්මක කෙරෙනු ඇත. අද (02) බෝවන රෝග නිවාරණ දිනය ලෙස නම් කර ඇත.


    මෙම ජාතික සෞඛ්‍ය සතිය තුළ සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් එම අමාත්‍යාංශයේ හා පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු ආයතන පද්ධතීන් තුළ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරෙනු ඇත. මීට අමතර ව අන්තර් අමාත්‍යාංශ සම්බන්ධීකරණය යටතේ එක් එක් දිනයන්ට විශේෂිත වූ සෞඛ්‍ය වැඩසටහන් ද ක්‍රියාත්මක කෙරේ.

    මේ යටතේ බෝවන රෝග නිවාරණ දවස අදට යෙදී ඇති අතර සෑම වෛද්‍ය නිලධාරී කොට්ඨාසයක ම ඩෙංගු අවදානම පවතින ප්‍රදේශ හා පොදු ස්ථාන හඳුනාගෙන මදුරු මර්දනයට අදාළ ක්‍රියාකාරකම් සිදු කෙරෙනු ඇත.

    මීට සමගාමීව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඩෙංගු මර්දන ඒකකය මඟින් පාසල් ළමුන් සඳහා දීපව්‍යප්තව පවත්නා ලද චිත්‍ර තරගයේ ජයග්‍රාහක, ජයග්‍රාහිකාවන්ට සහතිකපත් හා ත්‍යාග ලබාදීමට ද කටයුතු කෙරේ. "ශ්‍රී ලංකාව ඩෙංගුවලින් මුදවා ගැනීම" යන තේමාව යටතේ මෙම චිත්‍ර තරගය ප්‍රාදේශීය හා දිස්ත්‍රික්ක මට්ටමින් පවත්වා ජයග්‍රාහකයින් තෝරා ගැනීම සිදු කර තිබේ.

    මෙම සහතිකපත් ප්‍රදානය අද (02) පෙව 9.45ට වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය, නීතිඥ ලලිත් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.

    NDH/SK_cmu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya