සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ‘තොරතුරු තාක්ෂණය ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට ඇති කරන බලපෑම‘ මැයෙන් සම්මන්ත්‍රණයක්

    දෙසැම්බර් 01, 2014

    තොරතුරු තාක්ෂණයේ (ICT) දැනට සිදුවෙමින් පවතින ශීඝ්‍ර වර්ධනය වසර 2020 වන විට ශ්‍රී ලාංකේය සංචාරක ක්ෂේත්‍රයේ සංවර්ධනයට ඇති කරන බලපෑම පිළිබඳ සම්මන්ත්‍රණයක් එළඹෙන බදාදා (03) පෙ.ව.9.00 සිට ප.ව.1.00 දක්වා කොළඹ ජයික් හිල්ටන් හෝටලයේ දී පැවැත්වේ.

     

    කොළඹ විශ්වවිද්‍යාලයේ සංචාරක ආර්ථික විද්‍යා සහ හෝටල් කළමනාකරණය පිළිබඳ ශාස්ත්‍රපති පාඨමාලාවේ සිසු සිසුවියන් ගේ සහයෝගයෙන්, සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ සහභාගිත්වයෙන් හා ගූගල් (google) සමාගමේ අනුග්‍රහය යටතේ මෙම සම්මන්ත්‍රණය සංවිධානය කෙරේ.

     

    තොරතුරු තාක්ෂණයේ වර්ධනයට සමඟාමීව සංචාරක ව්‍යාපාරයේ සිදුව ඇති වර්ධනය, ඒ සඳහා ජාත්‍යන්තර තරගකාරී වෙළඳපොළ සඳහා ඇති කරන බලපෑම සහ ඉන් වසර 2020 වන විට කෙබඳු බලපෑමක් ඇති කරයිද, වැනි කරුණු පිළිබඳව උනන්දුවක් දක්වන පිරිස් ඉලක්ක කර ගෙන මෙම සම්මන්ත්‍රණය පැවැත්වේ.

     

    සංචාරක ක්ෂේත්‍රයේ වෘත්තීයමය හා ව්‍යාපාරික අවස්ථා වැඩි දියුණු කර ගැනීමට තොරතුරු තාක්ෂණය යොදා ගැනීම සම්බන්ධයෙන් අවශ්‍ය දැනුම වර්ධනය කර ගැනීමට ද මෙම සම්මන්ත්‍රණය හොඳ අවස්ථාවක් වනු ඇත.

     

    ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ තොරතුරු තාක්ෂණය පිළිබඳ අධ්‍යක්ෂක උදාන වික්‍රමසිංහ මහතා ඇතුළු ඉන්දික මලිගස්පේ, සුජාත නඩේෂන්, ක්ලිහාන් පුල්ලේ, රුවින්දු පීරිස් වැනි තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් සමන්විත දේශක මඬුල්ලක් මෙහිදී දේශන පැවැත්වීමට නියමිතය.

     

    මේ පිළිබඳ විස්තර 0777935559 (ප්‍රගීත්), 0777561171 (ඉන්දික), 0722343329 (මිර්ෂාඩ්) යන දුරකතන අංකවලට ඇමතීමෙන් හෝ www.sites.google.com/site/ictforsrilankatourism 2014 වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකිය.

     

    ආසන සීමිත ප්‍රමාණයක් පවතින බැවින් මේ සඳහා සහභාගී වන අයට www.goo.gl/1WsLlV සම්බන්ධතාව ඔස්සේ  මාර්ගගත (online) ලියාපදිංචි වීමට අවකාශ සලසා ඇත. මෙම සම්මන්ත්‍රණය වෙනුවෙන් කිසිදු අය කිරීමක් සිදු නොකරන බව සංවිධායකයෝ අවධාරණය කරති.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya