සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරු, උතුරු මැද, නැ‍ඟෙනහිර, ඌව සහ දකුණු පළාත්වලට වැසි Featured

    දෙසැම්බර් 02, 2014

    අද (02) දිවයිනේ උතුරු, උතුරු මැද, නැ‍ඟෙනහිර, ඌව සහ දකුණු පළාත්වල විටින් විට වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    අද  උදෑසන 05.30ට නිකුත් කරන ලද නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේ දි සෙසු ප්‍රදේශවල ද තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.


    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


    ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකිය


    කොළඹට ගාල්ලට අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ.

    අනුරාධපුරයට මඩකළපුවට යාපනයට ත්‍රිකුණාමලයට මන්නාරමට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

    රත්නපුරයට මහනුවරට නුවරඑළියට අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.


    උෂ්ණත්වය හා වර්ෂාපතනය

     

    අද උදෑසන 2.30 වන විට මි.මී. 89.7ක වර්ෂාපතනයක් රත්නපුරයෙන් ද මි.මී. 36.9ක වර්ෂාපතනයක් කොළඹින් ද මි.මී. 59.3ක වර්ෂාපතනයක් කටුගස්තොටින් ද මි.මී. 33.4ක වර්ෂාපතනයක් කටුනායකින් ද මි.මී. 38.3ක වර්ෂාපතනයක් නුවරඑළියෙන් ද මි.මී. 30.2ක වර්ෂාපතනයක් රත්මලානෙන් ද මි.මී. 16.1ක වර්ෂාපතනයක් පුත්තලමින් ද වාර්තා වී තිබේ.


    අද උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 30.0°C කොළඹින් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 12.0°C නුවරඑළියෙන් ද අපේක්ෂා කෙරේ.


    ඊයේ උදෑසන 8.30න් අවසන් වූ පැය 24 සඳහා දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 31.9°C මොනරාගල ප්‍රදේශයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 12.9°C නුවරඑළියෙන් ද මි.මී. 116.0ක උපරිම වර්ෂාපතනය මොනරාගල හඳපානාගල ප්‍රදේශයෙන් ද වාර්තා වී තිබේ.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya