සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගාලු කතිකාවත ඇරඹේ

    දෙසැම්බර් 01, 2014
    ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මගපෙන්වීම යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන පස්වැනි "ගාලු සංවාදය - 2014" අන්තර්ජාතික සමුළුව අද (01) ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල ලයිට් හවුස් හෝටලයේ දී ආරම්භ විය. 
     
    පස්වැනි වරට පවත්වනු ලබන මෙම සමුළුවේ මෙවර තේමාව"සමුද්‍රීය සහයෝගිතාව උදෙසා සෞභාග්‍ය" යන්නයි. 
     
    2010 වසරේ සිට මේ දක්වා මෙම සමුළුවේ ගමන්මග පිළිබඳ ව මෙහිදී සිහිපත් කරමින් මෙහිදී පිළිගැනීමේ කතාව නාවික හමුදාපති වයිස් අද්මිරාල් ජයන්ත පෙරේරා මහතා විසින් සිදු කරන ලදී.
     
    ආරම්භ සැසිය අමතමින් ඉන්දීය ආරක්ෂක උපදේශක දොවාල් මහතා ශ්‍රී ලංකාවෙන් ත්‍රස්තවාදය තුරන්කිරීම පිළිබඳ ව රජයට සිය ස්තූතිය පළ කළේය.
     
    මෙවර සමුළුවට රටවල් 38ක් නියෝජිතවරු 100ක් පමණ සහභාගි වී සිටිති. සමුළුව හෙට (02) දිනයේ ද පැවැත්වෙනු ඇත. 
     
    කලාපයේ සාමුද්‍රික ආරක්ෂාව පිළිබඳ දැනුම හුවමාරු කරගැනීමේ අරමුණින් මෙම සංවාදය 2010 වසරේ දී මුල්වරට ආරම්භ විය. 
     
    මෙම අවස්ථාවට විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, අධීක්ෂණ මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන, රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ, විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් ක්ෂෙනුකා සෙනවිරත්න මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් එක් ව සිටියහ.
     
    DB/GN - dmu galle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya