සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එක්සත් ජනතා නිදහස් සන්ධානය ජනපතිවරණයට ඇප තැන්පත් කෙරේ Featured

    දෙසැම්බර් 01, 2014
    එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් ඉදිරි ජනාධිපතිවරණයේ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වන මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් ඇප තැන්පත් කිරීම එම සන්ධානයේ මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් රාජගිරියේ මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ අද (01)දා පෙරවරුවේ දී සිදු කරන ලදී.
     
    සන්ධාන ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ ඇප තැන්පත් කිරීමෙන් අනතුරු ව අදහස් පළකරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම් නීතිඥ අනුර ප්‍රියදර්ශන යාපා ප්‍රකාශ කළේ ඉකුත් ජනාධිපතිවරණයත් වඩා මෙවර ජනාධිපතිවරණයේ දී ඉතා ඉහළ වැඩි ප්‍රතිශතයකින් එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂකයා ජයග්‍රහණය කරන අතර ඒ සඳහා සියලු මැතිවරණ සැලසුම් මේ වන විටත් සකස්කර ඇති බවය.  
     
    මහජන එක්සත් පෙරමුණේ නායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේ ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රීලනිප සමඟ තවත් පක්ෂ 14ක් දැනටමත් එක්සත් ජනතා නිදහස් සන්ධානය සමඟ එක් වී ඇති අතර ඉදිරියේදී තවත් දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් රාශියක් සමඟ අත්වැල් බැඳගැනීමට කටයුතු කරගෙන යන බවය. 
     
    මෙම අවස්ථාවට ශ්‍රීලනිප ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ, ජ්‍යේෂ්ඨ අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි, අමාත්‍ය මුත්තු සිවලිංගම් යන මහත්වරු ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකයන් සහ ක්‍රියාකාරින් පිරිසක් එක් ව සිටියහ.
     
    DB
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya