සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දියතලාව 85 වැනි විසිර යෑම මලයාසියානු ආරක්ෂක ප්‍රධානියාගේ ප්‍රධානත්වයෙන්

    දෙසැම්බර් 01, 2014
    දියතලාව යුද හමුදා අභ්‍යාස විද්‍යාලයේ 85වැනි විසිරයෑමේ උත්සවය විදේශ ආරක්ෂක ප්‍රධානීන් දෙදෙනෙකුගේ සහභාගිත්වයෙන් ඊයේ (30) අති උත්කර්ෂවත් අයුරින් දියතලාවේ දී පැවැත්විණි. 
     
    මෙම විසිරයෑමේ උත්සවය මලයාසියානු ආරක්ෂක ප්‍රධානී ජෙනරාල් Zulkifeli Bin Mohd Zin මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙම අවස්ථාවට බංග්ලාදේශයේ යුද හමුදා විද්‍යාලයේ ආඥාපති මේජර් ජනරාල් Muhammad Jahangir Kabir Talukder මහතා ද සහභාගි විය.
     
    විසිරයාමේ පෙළපාළියෙන් අනතුරු ව කැඩෙට් නිලධාරීන් හා නිලධාරිනියන් 135ක් මෙහිදී ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙසින් සහභාගි වූ ජෙනරාල් Zulkifeli Bin Mohd Zin මහතා සහ යුද හමුදාපති මේජර් ජනරාල් දයා රත්නායක මහතා වෙත උත්තමාචාර පිරිනැමීය.
     
    මෙහිදි යුද හමුදාපති ලුතිතන් ජනරාල් දයා රත්නායක මහතාගේ ආරාධනයක් අනුව ජෙනරාල් Zulkifeli Bin Mohd Zin මහතා එම පරිශ්‍රයේ රුක් රෝපණය කිරීමේ අවස්ථාවකට ද එක්විය.
     
    යුද හමුදා අභ්‍යාස විද්‍යාලයේ ආඥාපති මේජර් ජනරාල් ප්‍රසන්න ද සිල්වා සහ බ්‍රිගේඩියර් රාජගුරු මහත්වරු සමඟ ද Zin මහතා සාකච්ඡා කළේය.
     
    DB/ Army.lk

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya