සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආරක්ෂක සේවා සැපයුම්කරුවන්ගේ සංගම් වාර්ෂික සමුළුව කොළඹ දී

    දෙසැම්බර් 01, 2014
    ශ්‍රී ලංකා ආරක්ෂක සේවා සැපයුම්කරුවන්ගේ සංගමයේ 10 වැනි වාර්ෂික සමුළුව ඊයේ (30) ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ හිල්ටන් හෝටලයේ දී පැවැත්වීය.
     
    මෙම ආරක්ෂක සේවා සැපයුම්කරුවන්ගේ වාර්ෂික සමුළුව එහි සාමාජිකයන්ගේ හා කොටස්කරුවන් විශාල සංඛ්‍යාවකගේ සහභාගීත්වයෙන් පවත්වනු ලැබු අතර විශේෂ ආරාධිත අමුත්තා ලෙස පැමිණි ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගැනිමෙන් අනතුරු ව සංගමයේ නිලධාරීන් එතුමාට හඳුන්වා දෙනු ලැබීය.
     
    අනතුරු ව රාජපක්ෂ මහතා සංගමයේ නිලධාරීන් හා සෙසු සාමාජිකයන් සමග සුහද කතාබහක නිරත විය. ආරක්ෂක සේවා සැපයුම්කරුවන්ගේ සංගමය පෞද්ගලික ආරක්ෂක සේවාවන් සපයනු ලබන ආයතනවල එකමුතුවකින් සැදී ඇත.
     
    මෙම අවස්ථාව සඳහා ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (සිවිල් සේවා සහ සංවර්ධන) දමයන්ති ජයරත්න මහත්මිය සංගමයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන්, පෞද්ගලික ආරක්ෂක සේවා පිළිබඳ විශේෂඥයන් හා පෞද්ගලික ආරක්ෂක සේවා ආයතනවල නිලධාරීන් හා සමාජිකයෝ රැසක් සහභාගී වී සිටියහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya