සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශී‍්‍ර ලංකාවට එරෙහි ව මානව හිමිකම් යෝජනාවක් තුළින් මූලධර්මවාදීන් දිරිගැන්වෙනවා - අමාත්‍ය ජී.එල්. පිරීස්

    දෙසැම්බර් 01, 2014

    ශී‍්‍ර ලංකාවට එරෙහි බටහිර රටවල් මානව හිමිකම් යෝජනාවක් ගෙන ඒම මෙරට මූලධර්මවාදීන් දිරි ගැන්වීමක් සිදු වන බව විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පිරීස් මහතා පවසයි.


    2014 ආරක්ෂක ප‍්‍රධානීන්ගේ සමාප්ත සමුළුවේදී අදහස් දක්වමින් අමාත්‍ය ජී.එල්. පිරීස් මහතා පවසා සිටියේ, ශී‍්‍ර ලංකාවේ ත‍්‍රස්තවාදය හමුදා කි‍්‍රයාකාරීත්වයකින් පරාජය කළ හැකි බව කිසිවෙකුත් විශ්වාස කළේ නැති බවයි. නමුත් එම ජයග‍්‍රහණය ලබා ගැනීමට මූලිකම හේතුව වූයේ මෙරට ශක්තිමත් දේශපාලන වාතාවරණය හා හමුදාවේ කි‍්‍රයාකාරීත්වයයි. 

    මේ වන විට මේ රටේ ආර්ථික වර්ධනය ආසියාවේ ඉහළ ම අගයක් ගෙන ඇති බවත් එය ප‍්‍රතිශතයක් වශයෙන් 7.6%ක් බව ද අමාත්‍යවරයා පැවසීය.

    ශී‍්‍ර ලංකාව අපේක්ෂිත සහශ‍්‍ර සංවර්ධන ඉලක්ක අභිබවා ගිය ඉලක්කයක් අත් කර ගෙන ඇති බව එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ මෙරට එක්සත් ජාතීන්ගේ නියෝජිතයා පෙන්වා දී ඇති බවයි.

    නමුත් අපට විශාල කාලයක්, ධනයක් ශ‍්‍රමයක් වැය කරමින් සෑම මසකටම ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ගොස් උත්තර බඳින්න වී ඇති බවත් එමඟින් දිරිමත් වෙන්නේ මෙරට මූලධර්මවාදී කණ්ඩායම් බවත් විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා වැඩිදුරටත් පවසා සිටියේය. 

    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya