සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2015 සඳහා පෙළපොත් බෙදාදීමේ ජාතික මහෝත්සවය අද

    දෙසැම්බර් 01, 2014
    2015 වර්ෂය සඳහා දිවයිනේ සියලු ම පාසල් සිසුන්ට පෙළපොත් බෙදාදීමේ ජාතික මහෝත්සවය අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (01) පෙ.ව. 10.00ට ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේදී පැවැත්වේ.


    2015 වර්ෂය සඳහා සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍යවලින් පොත් වර්ග 435ක පිටපත් මිලියන 37.6ක් මුද්‍රණය කර දිවයින පුරා සිටින හතලිස් දෙලක්ෂයකට ආසන්න පාසල් හා පිරිවෙන් ශිෂ්‍ය ප්‍රජාව වෙත ලබාදීමට බෙදාහැර ඇති අතර ඒ වෙනුවෙන් රජය රුපියන් මිලියන 2,400ක් වැය කර තිබේ. මෙවර 6 සහ 10 ශ්‍රේණිවලට නව විෂය නිර්දේශ යටතේ අලුත්  ම පෙළපොත් සම්පාදනය කර ඇති අතර ඒවා ද අදාළ සිසුන් වෙත ලබාදීමට අවශ්‍ය පියවර ගෙන ඇත.

    මෙම ජාතික උත්සවයට සමගාමී ව පළාත් මට්ටමින් පෙළපොත් බෙදාදීමේ උත්සව ද පැවැත්වීමට නියමිත අතර පාසල් මට්ටමින් ද දිවයින පුරා පිහිටි සෑම පාසලක ම පෙළපොත් බෙදාදීමේ උත්සව පැවැත්වෙනු ඇත.

    දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා, දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය චන්දිම රාසපුත්‍ර යන මහත්වරු ඇතුළු සම්භාවනීය ආරාධිතයන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වීමට නියමිතය.

    NDH/kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya