සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නත්තල් උත්සවය වෙනුවෙන් තැපැල් මුද්දර දෙකක් Featured

    දෙසැම්බර් 01, 2014
    2014 නත්තල් උත්සවය වෙනුවෙන් තැපැල් මුද්දර දෙකක් එළිදැක්වීම ඊයේ (30) කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් මීගමුව ශාන්ත මරියා දේවස්ථානයේ දී පැවැත්විණි.
     
    මෙම මුද්දර දෙක රුපියල් 10.00 වටිනාකම්වලින් යුක්ත වේ.
     
    එහිදී තැපැල් සේවා අමාත්‍ය ජීවන් කුමාරණතුංග මහතා තැපැල් මුද්දර යුගලය හා මුල්දින කවරය කාදිනල්තුමා වෙත පිළිගැන්වීය.
     
    ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය හා බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශයේ ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුව එක් ව මෙම මුද්දර නිකුත් කිරීමට කටයුතු කොට ඇත.
     
    මෙම අවස්ථාවට අමාත්‍ය සරත් කුමාර ගුණරත්න, අග්‍ර විනිශ්චයකාර මොහාන් පීරිස්, තැපැල්පති රෝහණ අ‍බේරත්න, මුද්දර කාර්යාංශයේ අධ්‍යක්ෂ ටී. ශ්‍රීගරන් මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya