සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හෙට සිට වාහන ආදායම් බලපත්‍ර සඳහා මුදල් ගෙවීම ක්‍රෙඩිට් කාඩ් සහ ජංගම දූරකතනය මඟින්

    දෙසැම්බර් 01, 2014

    වාහන ආදායම් බලපත්‍රය ලබා ගැනීමේදී එම මුල්‍ය ගෙවීම් පළමු වරට ක්‍රෙඩිට් කාඩ් සහ ජංගම දූරකතනය ඔස්සේ සිදු කිරීමට පහසුකම් සැලසේ. මෙම සේවාව දකුණු පළාතෙන් ආරම්භ කරන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) පවසයි.

     

    ගාල්ල ලබුදූව දක්‍ෂිණපාය අමාත්‍යංශ සංකීර්ණයේදී හෙට (02) විදුලි සංදේශ හා තොරතුරු තාක්‍ෂණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය  ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ සභාපති මහාචාර්ය පී.ඩබ්ලිව්. ඈපාසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙය නිල වශයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

     

    වාහන ආදායම් බල පත්‍රය අන්තර්ජාලය ඔස්සේ ලබා ගැනීමේ පහසුකම ද මේ සමඟම  දකුණු පළාතට ද හඳුන්වා දීමට නියමිත බව නියෝජිතායතනය සඳහන් කරයි.

     

    මෙම පළා‍තේ ලියාපදිංචි වාහන හිමිකරුවෙකුට සිය වාහන ආදායම් බලපත්‍රය පළාතේ ඕනෑ ම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් ලබා ගැනීමේ පහසුකම මේ වන විට ලැබී තිබෙන අතර මෙම නව පහසුකම් හඳුන්වාදීමත් සමඟම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත පැමිණ ආදායම් බලපත්‍රය ලබා ගැනීමේදීත් ඉහත සඳහන් ක්‍රමවේද ඔස්සේ මුල්‍ය ගෙවීම් කිරීමට හැකිවීම මෙහි ඇති විශේෂත්වයකි.

     

    අන්තර්ජාලය ඔස්සේ මෙම සේවාව ලබා දීම බස්නාහිර පළාතෙන් ප්‍රථමයෙන් ආරම්භ කෙරුණු අතර එහිදී ලද සාර්ථකත්වය මත දකුණු පළාතට ද මෙය හදුන්වා දීමට පියවර ගත් බව නියෝජිතායතනය පවසයි.

     

    2014  වසරේදී මේ වන විට බස්නාහිර පළාත තුළ අන්තර්ජාලය ඔස්සේ වාහන ආදායම් බලපත්‍ර මිලියනයක් පමණ නිකුත් කර තිබෙන බවද නියෝජිතායතනය ප්‍රකාශ කර සිටියි.

     

    අන්තර්ජාලය ඔස්සේ  www.srilanka.lk සහ  www.gov.lk වෙබ් අඩවිවලට පිවිසීමෙන් මෙම පහසුකම ලබා ගැනීමට හැකියාව ඇත.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya