උතුරේ සීඝ‍්‍රයෙන් සිදුකෙරෙන යටිතල පහසුකම් සංවර්ධනය සම්බන්ධයෙන් සෑහීමට පත් විය හැකි බව පෙන්වා දුන් ශර්මා මහතා එය සැබෑ ප‍්‍රතිසන්ධාන කි‍්‍රයාවලියකට අත්‍යවශ්‍ය සාධකයක් බව ද පෙන්වා දෙයි.
මෙම පොදු දේපොළ ගොඩනැගීම ජනතා සුබසාධනය හා ආර්ථික කි‍්‍රයාකාරකම් වෙනුවෙන් මනා පිටිවහලක් සපයන බව ද ශර්මා මහතා පැහැදිලි කරයි.
සිය පස් දින ශී‍්‍ර ලංකා සංචාරය අවසානයේ පැවති මාධ්‍ය හමුවක දී ශර්මා මහතා මේ බව සඳහන් කොට ඇත.
ජනාධිපතිතුමා සමග පැවති සාකච්ඡාවේදී පොදුරාජ්‍ය මණ්ඩලයේ ඉදිරි කි‍්‍රයාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා වු බව ද පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවේ දී ඇති කර ගත් එකඟතාවන් කි‍්‍රයාත්මක කිරීම සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානය යොමු වු බව ද ශර්මා මහතා සඳහන් කළේය.
ශී‍්‍ර ලංකා රජයේ සාර්ථකත්වය වෙනුවෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පුද්ගලික ව ම ලබාදෙන නායකත්වයේ වටිනාකම මෙහිදි ශර්මා මහතාගේ ඇගයීමට ලක්විය.
මෙම සංචාරය අතරතුර ශර්මා මහතා ශී‍්‍ර ලංකා මානව හිමිකම් කොමිසමේ සාමාජිකයන් ද මුණගැසී සාකච්ඡා පැවැත්වීය.
priu