සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෙවර අය -වැය ව්‍යාපාරික ප්‍රජාවට සුබවාදී අය-වැයක්

    ඔක්තෝබර් 30, 2014
    මෙවර 2015 අය -වැය ව්‍යාපාරික  ප්‍රජාව වෙනුවෙන් ද සුබවාදී ලක්ෂණ පෙන්වන සාර්ථක අයවැයක් වන බව ලංකා වාණිජ මණ්ඩලයේ මහ ලේකම් / විධායක නිලධාරී මංගල යාපා මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව පැවසුවේ අද (30) පස්වරුවේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී මෙවර අය - වැය පිළිබඳව ලංකා වාණිජ මණ්ඩල නිලධාරීන්ගේ ගේ මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමිනි.
     
    එහිදී ඒ මහතා තවදුරටත් පැවසුවේ, මෙම අය - වැය මගින් සුබවාදී පැති රාශියක් පිළිබඳව සාකච්ඡා කෙරෙන බවත්, එය මනා සැලස්මකට අනුව සකස්කර ඇති බවත් ය.
     
    රජයේ බදු ප්‍රතිපත්තිය සැලකීමේ දී මෙවර වඩාත් සහන ප්‍රතිපත්ති රැසක් අනුගමනය කර ඇති බවත්, මෙය දිගට ම නොවෙනස් ලෙසින් පවත්වා ගෙන යාමට රජය ක්‍රියා කළ යුතු බවත්, පෙන්වා දුන් මංගල යාපා මහතා තවදුරටත් පැවසුවේ මෙම බදු ප්‍රතිත්තිය ක්‍රියාත්මක කිරීම තුළින් රටේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් වඩාත් ශක්තිමත් කිරීමට හැකි වන බවයි. එමෙන් ම රාජ්‍ය ආදායම් එකතු කර ගැනීම වෙනුවෙන් ද වඩාත් විධිමත් යෝජනාවන් ඉදිරිපත් වී ඇති බව පෙන්වා දුන් ලංකා වාණිජ මණ්ඩලයේ මහ ලේකම්කම්වරයා තවදුරටත් පැවසුවේ මෙම තත්ත්වය මනාව ක්‍රියාත්මක කිරීම තුළින් රාජ්‍ය ආදායම තවදුරටත් වර්ධනය කර ගත හැකි වනු ඇති බවයි.
     
    අධ්‍යාපනය මෙන් ම පුහුණු අවස්ථාවන්ට වැඩි ඉඩ ප්‍රස්ථාවක් වෙන් කිරීම තුළින් වසර 2020 සංවර්ධන ඉලක්කයන් සඳහා ශ්‍රී ලංකාවට පහසුවෙන් ම ගමන් කළ හැකි වනු ඇති බවද ලංකා වාණිජ මණ්ඩලයේ මහ ලේකම්කම්වරයා පැවසීය.
     
    එමෙන් ම විදුලි බිල අඩුකිරීම සහ සහන සැලසීම ද බැංකු පොලී අනුපාතිකය පහළ දැමීම ද ව්‍යාපාරිකයින් දිරිගැන්වීම වෙනුවෙන් කළ තවත් එක් ඉදිරි පියවරක් වනු ඇති බවත් ලංකා වාණිජ මණ්ඩල නිලධාරීන් විසින් එහිදී පෙන්වා දෙන ලදී.
     
    මෙම අවස්ථාවට ලංකා තේ කර්මාන්ත ශාලා හිමියන්ගේ සංගමය, ජාතික වෙළඳ සංගමය, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය, ශ්‍රී ලංකා අපනයකරුවන්ගේ සංගමය, ශ්‍රී ලංකා වැවිලි සංගමය, ඒකාබද්ධ ඇඟලුම්  සංගමය ද  නියෝජනය කරමින් උසස් නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
     
    ECB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya