සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2015 අය-වැය තුලිත අයවැයක්

    ඔක්තෝබර් 28, 2014
    දිගු කාලීන සංවර්ධන අරමුණු දිනාගැනීම මෙන්ම සුබ සාධනය අරමුණු කරගෙන මෙවර අය-වැය සම්පාදනය කොට ඇති නිසා 2015 අය-වැය තුලිත අය-වැයක් බව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා 
    පැවසීය.
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (27) ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගි වෙමිනි. 2015 අය-වැය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අදහස් දැක්වීම වෙනුවෙන් මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව කැඳවා තිබුණි.
     
    2015 අය-වැය හරහා සංවර්ධනයේ ප්‍රතිඵල භුක්ති විඳිය හැකි පසුබිමක් නිර්මාණය වනවා. සංවර්ධනයක් ගසක් නම් එය මේ වන විට රෝපණය කොට ඇති අතර එහි ඵල අනාගත දරුවන් නෙළාගනු ඇත. 2005 සිට 2015 දක්වා ම ඉදිරිපත් කළ සියලු අය-වැය වාර්තාවන් සංවර්ධනය මෙන් ම සුබසාධනය අරමුණු කරගත් අය-වැය වාර්තාවන්.
     
    අය-වැය වාර්තාවක් ඉදිරිපත් කිරීම හරහා රටක ඉදිරි වසරේ වැය ඇස්තමේන්තු කිරීමෙන් අනතුරුව ආදායම් මාර්ග තීරණ කරන බවත් ඉන් අනතුරුව අය හා වැය අතර හිදැස පිරවීම සඳහා මාර්ග තීන්දු කරන බවත් පෙන්වා දුන් මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා මෙම ක්‍රියාවලිය නිසා අය-වැය සම්මත වන විට අවශ්‍ය මුදල් සපයාගෙන අවසන් ව ඇති බවත් පෙන්වා දුන්නේය.
     
    මෙහිදී සිදුවන්නේ අය-වැය කළමනාකරණය මිස මුදල් කපාහැරීමක් නොවන බවත් මුදල් කපාහැරීම හරහා අය-වැය පරිතරය අඩු කරගත්තා යන්න මුසාවක් බවත් මහාචාර්යවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya