සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2015 අය-වැය ජාත්‍යන්තරයේත් පැසසුමට

    ඔක්තෝබර් 28, 2014
    2015 අය-වැය වාර්තාව ලංකාවේ ආර්ථික ගමනට ශක්තියක් වන ආකාරයෙන් ඉදිරිපත් කොට ඇති බව ඒෂියන් ට්‍රිබියුන් වෙබ් අඩවිය මගින් වාර්තා කිරීම හරහා මෙවර 2015 අය-වැය ජාත්‍යන්තරයේ ද පැසසුමට ලක්වන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ප්‍රකාශ කළේය.
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (27) ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගි වෙමිනි. 2015 අය-වැය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අදහස් දැක්වීම වෙනුවෙන් මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව කැඳවා තිබුණි.
     
    ශ්‍රී ලංකාව 7.5%ක ආර්ථික වර්ධන වේගයක් පවත්වාගෙන යන බවත් චීනයේ ආර්ථික වර්ධන වේගය 8.5ක් වන බවත් පෙන්වා දුන් මහාචාර්ය අමරතුංග මහතා ආර්ථික වර්ධන වේගය අතින් ඉන්දියාව සිටින්නේ ද අපට පසුව බවත් පෙන්වා දුන්නේය.
     
    ලෝක ආර්ථිකයේ පරිහානියක් පෙන්නුම් කරන මෙවන් අවධියක ආර්ථික වර්ධන වේගය 7.5%ක පවත්වාගෙන යාම විශාල කාර්යභාරයක් බවත් ඒ මහතා පැවසීය.
     
    2015 අය-වැය හරහා 7.5ක ආර්ථික වර්ධන වේගයක්, එය 8.2ක් දක්වා වර්ධනය කරගැනීමට බලාපොරොත්තු වන අතර 2016 වසරේ එම අගය 8.3ක් දක්වා වර්ධනය කරගැනීමටත් බලාපොරොත්තු වේ.
     
    දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් 4.2ක් දක්වා පවත්වාගෙන ගිය අය-වැය හිඟය මේ වන විට අවම අගයක් ගන්නා බවත් ඉදිරියේ දී එය 3.2ක් දක්වා තවත් අවම අගයක් දක්වා අඩුකරගැනීමට බලාපොරොත්තු වන බවත් ඒ මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya