සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නකල්ස් කඳුවැටි ප‍්‍රදේශයේ අතුරුදහන් වූ ජර්මන් ජාතික කාන්තාව ගුවන් හමුදාවෙන් සොයා ගනී Featured

    ඔක්තෝබර් 27, 2014


    නකල්ස් කඳුවැටි ප‍්‍රදේශයේ පසුගිය දා අතුරුදහන්වූ ජර්මන් ජාතික කාන්තාවක් සොයා ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ 7 වන බල ඝනයට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයක් විශේෂ මෙහෙයුමක් දියත් කරන ලදී.


    ශ‍්‍රී ලංකා පොලීසිය මගින් කරන ලද විශේෂ ඉල්ලීමක් මත ගුවන් හමුදා රෙජිමේන්තු විශේෂ බලකායේ කණ්ඩායමක් සහ ගුවන් අවිකරු සාමාජිකයෙකු ශ‍්‍රී ලංකා පොලිස් නිලධාරියෙකු සමඟ හිඟුරක්ගොඩ කඳවුරු මූලස්ථානයෙන් පිටත් ව ගුවනින් නකල්ස් කඳුවැටි ප‍්‍රදේශයේ විනාඩි 30ක් පමණ මෙම මෙහෙයුම සිදුකරන ලදී.


    එම අවස්ථාවේ පැවති අධික සුළං තත්ත්වයත්, අයහපත් කාලගුණයත් නොතකා විදේශීය කාන්තාව සොයා මෙහෙයුම සිදු කළත් දිගින් දිගට ම දරුණු වන කාලගුණය හමුවේ හෙලිකොප්ටර් යානය හැසිරවීම අසීරු වූ බැවින් ගුවන් යානය ආරක්‍ෂිත ස්ථානයක ගොඩබස්සවා ගුවනින් මෙහෙයුම තාවකාලිකව නවතා, ගුවන් හමුදා රෙජිමේන්තු විශේෂ බලකායේ එක් සාමාජිකයකු සහ ගුවන් අවිකරු සාමාජිකයෙකු විදේශීය කාන්තාව සොයා ගොඩබිම් මෙහෙයුමක් දියත් කරන ලදී. අතුරුදන් වූ ප‍්‍රදේශයේ කරන ලද මෙහෙයුමෙන් අතුරුදන් වූ විදේශීය කාන්තාව සොයා ගැනීමට හැකි වූ අතර, ඇය විශේෂ වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා යොමු කර ඇත. 

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya