සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දරුවන් හා කාන්තාවන් ගැන අය-වැයෙන් විශේෂ අවධානයක්

    ඔක්තෝබර් 27, 2014

    මෙරට අනාගත භාරකරුවන් වන දරුවන් සඳහාත්, රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සුවිශේෂි මෙහෙයක් සිදුකරන කාන්තාවන්ගේ සංවර්ධනය උදෙසාත් මෙවර පැවති අයවැයෙන් ඊට අවධානය යොමු කර ඇති බැවින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට තමන් හා රටේ ජනතාව ගෞරවනීය ප්‍රණාමය පුද කරන බව ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා පැවසිය.


    ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ පසුගිය 24 වනදා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජනතාවට ලබා දුන් වරප්‍රසාද සම්බන්ධයෙන් අදහස් දක්වමින් ය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා කියා සිටියේ විශේෂයෙන් පෙර පාසල් ගුරුවරියන්ට මාසිකව රුපියල් 2500ක දීමනාවක් සහ දෛනික අවශ්‍යතාවයන් සඳහා රුපියල් 10000ක සහන ණය පහසුකම් ලබාදී ම ඇතුළු පෙර පාසල් ක්ෂේත්‍රෙයේ සංවර්ධනයට ඉතිහාසයේ ප්‍රථම වරට රුපියල් මිලියන 300ක් වැනි විශාල දනස්කන්ධයක් වෙන් කිරීම පිළිබඳ ව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ගෞරවනීය ප්‍රණාමය පුද කරන බවයි.

    ළමා අපයෝජන හා  කාන්තා හිංසන වළක්වා ගැනීමටත් එලෙස හිංසනයට පත් වු දරවන් හා කාන්තාවන් සඳහා ඉදිකර ඇති රැකවරණ මධ්‍යස්ථානවල පහසුකම් පුළුල් කිරීමට මෙන් ම සෑම පොලිස් ස්ථානයක ම දැනටත් පිහිටුවා ඇති ළමා හා කාන්තා කාර්යංශය ශක්තිමත් කිරීමට මෙවර අයවැයෙන් ඉඩ ලබා දී ඇති බව ඒ මහතා සඳහන් කළේය.


    මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා දරුවන්ගේ හා කාන්තාවන්ගේ වටිනාකම නැවත නැවතත් තහවුරු කර ඇති බවත් විශේෂයෙන් ගැබිණි සහ කිරිදෙන මවුවරුන්ගේ මෙන් ම දරුවන්ගේ පෝෂණ මට්ටම වැඩි කිරීම සඳහා වු භෞතික හා මානව සම්පත් සංවර්ධනය කිරීම කෙරෙහිද විශේෂ අවධානය යොමු කර තිබීම සතුටට කරුණක් බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.


    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya