මෙම සමුළුව ඔක්තෝබර් 27 සිට 30 දක්වා රටවල් 25ක් නියෝජනය කරමින් විදෙස් නියෝජිතයන් 500ක් සහ ශ්‍රී ලාංකිකයන් 200ක් වශයෙන් විශේෂඥයන් හා නියෝජිතයන් 700කගේ සහභාගීත්වයෙන් පැවැත්වේ.
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය හා CONEEXHUB GRC - 2014 සම සංවිධානත්වයෙන් පැවැත්වෙන මේ සමුළුවට ජාත්‍යන්තර රබර් පර්යේෂණ මණ්ඩලයේ හා ගෝලීය රාජ්‍ය නියෝජිතායතනය හා සංගම් 20කට අධික ප්‍රමාණයක සහය ලැබේ. දේශීය වශයෙන් මේ සමුළුව සඳහා කර්මාන්ත හා වාණිජ කටයුතු, වැවිලි කර්මාන්ත යන අමාත්‍යාංශවල සහයෝගය ලැබේ.
රාජ්‍ය නියෝජිතායතනය, රබර් පර්යේෂණ සංවිධාන, රබර් සංගම් හා වාණිජ සමාගම් නියෝජනය කරන ආරාධිත දේශකයන් 18 දෙනෙකු පමණ මේ සමුළුව අමතනු ඇත.
"ධරණීය අනාගතයක් සඳහා බීජ වැපිරීම" යන්න තේමා කර ගනිමින් පැවැත්වෙන ඉහළ වැදගත්කමක් සහිත මේ සමුළුව රබර් ක්ෂේත්‍රයේ සිටින විවිධ කර්මාන්තකරුවන් සඳහා දේශීය හා ගෝලීය වශයෙන් කර්මාන්ත මුහුණදෙන අභියෝග හා ඒ සඳහා ඇති අවස්ථාවන් පිළිබඳ වැඩිදුර දැක්මක් ලබාදීමට හැකි වේදිකාවත් ලෙස කටයුතු කිරීමට ද අපෙක්ෂා කරනු ඇත. පසුගිය වසරේ මේ සමුළුව ඉන්දුනීසියාවේදී පැවැත්විණි.
2009 සිට 2013 දක්වා ශ්‍රී‍්‍ර ලංකාවේ රබර් අපනයන ආදායම ඩොලර් මිලියන 960 සිට 100%කින් වර්ධනය වී තිබේ. ශ්‍රී‍්‍ර ලංකාවේ රබර් කර්මාන්තය වැඩිදියුණු කිරීම සඳහා මේ වනවිටත් සැලසුම් ගණනාවක් කි‍්‍රයාත්මක වෙමින් පවතී. ලොව 6 වැනි විශාලතම රබර් අපනයනකරු මෙන් ම 8 වැනි විශාලතම ස්වභාවික රබර් අපනයනකරු වන්නේ ද ශ්‍රී‍්‍ර ලංකාවයි.
SDF