නොවැම්බර් 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පස්වරුවේ දිවයින අභ්‍යන්තර ප්‍රදේශවල තැනින් තැන ගිගුරුම් සහිත වැසි Featured

    ඔක්තෝබර් 26, 2014

    අද (26) අපරභාගයේදී  හෝ සන්ධ්‍යා කාලයේ දී දිවයින අභ්‍යන්තර ප්‍රදේශවල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ. පසු ව මෙම වැසි බටහිර ප්‍රදේශ කරා පැතිර යන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    අද  උදෑසන 05.30ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික ව තරමක තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණික ව ඉල්ලා සිටිනු ලැබේ.


    අද උදෑසන 5.30 වනවිට මීදුම සහිත තත්ත්වයක් කුරුණෑගල සහ කටුගස්තොටින් ද ඝන මීදුම තත්ත්වයක් රත්නපුරයෙන් ද වාර්තා වී තිබේ.


    ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකිය


    ගාල්ලට කොළඹට නුවරඑළියට මහනුවරට රත්නපුරයට අනුරාධපුරයට අපරභාගයේදී සහ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි.

    මඩකළපුවට යාපනයට ත්‍රිකුණාමලයට මන්නාරමට අපරභාගයේදී සහ සන්ධ්‍යා කාලයේදී ගිගුරුම් සහිත වැසි.


    උෂ්ණත්වය හා වර්ෂාපතනය


    අද උදෑසන 5.30 වනවිට මි.මී. 25.3ක වර්ෂාපතනයක් පුත්තලමෙන් ද මි.මී. 27.9ක වර්ෂාපතනයක් අනුරාධපුරයෙන් ද මි.මී. 13.7ක වර්ෂාපතනයක් වවුනියාවෙන් ද මි.මී. 11.3ක වර්ෂාපතනයක් නුවරඑළියෙන් ද වාර්තා වී තිබේ.

     

    අද උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 33.°C රත්නපුර හා අනුරාධපුරයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 12.0°C නුවරඑළියෙන් ද අපේක්ෂා කෙරේ.


    අද උදෑසන 5.30න් අවසන් වූ පැය 24 සඳහා දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 33.3°C අනුරාධපුර ප්‍රදේශයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 11.7°C නුවරඑළියෙන් ද මි.මී. 91.0ක උපරිම වර්ෂාපතනය පේරාදෙනිය ලූල්කඳුර ප්‍රදේශයෙන් ද වාර්තා වී තිබේ.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya