සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    චීන යුද හමුදා විද්‍යාපීඨයේ නියෝජිතයන් පිරිසක් යුද හමුදාපති හමු වේ Featured

    ඔක්තෝබර් 26, 2014
    චීන යුද හමුදා විද්‍යාපීඨයේ නියෝජිතයන් සිය ශ්‍රී ලංකා සංචාරයේ දී පෙරේදා (24) යුද හමුදා මූලස්ථානයේ දී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් දයා රත්නායක මහතා හමු විය. 
     
    චීන යුද හමුදා විද්‍යාපීඨයේ උප කුලපති ලුතිතන් ජෙනරාල් ඒච්ඊ ලෙයි, ප්‍රමුඛ මෙහෙයුම් හා ප්‍රතිපත්ති අධ්‍යයන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ප්‍රධානී මේජර් ජෙනරාල් චෙන් රොංඩි, පර්යේෂණ මාර්ගෝපදේශන දෙපාර්තමේන්තුවේ පුළුල් සැලසුම් නියෝජ්‍ය ප්‍රධානි කර්නල් සුහැන්ග් ලයිටින්, මෙහෙයුම් හා ප්‍රතිපත්ති අධ්‍යයන දෙපාර්තමේන්තුවේ පර්යේෂණ ව්‍යාපාර අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ කර්නල් එල්අයි සැවෝචෙන්, පර්යේෂණ කාර්යාලයේ යුද හමුදා කළමනාකාරණ සහ සන්නද්ධ සේවා දෙපාර්තමේන්තුවේ නීතිමය සබඳතා නියෝජ්‍ය අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ කර්නල් එන්අයිඊ වෙනික්සිං, යුද සේවා ලේකම්ගේ විදෙස් සබඳතා අධ්‍යක්ෂ කර්නල් සූ යුසිං ඇතුලු මෙම නියෝජිත පිරිස විසින් ශ්‍රී ලංකා යුද හමුදාවට සිය සුබ පැතුම් ද එක් කරන ලදී.
     
    මෙම සුහද හමුව අවසානයේ  දී සමරු තිළිණ හුවමාරුවක් ද සිදු වූ අතර  මේ අවස්ථාව සඳහා යුද සේවා ලේකම් මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර ද එක්ව සිටියේය.
     
    මෙම පිරිස බටහිර ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් යූ.ඒ.බී. මැදවල මහතා ද හමු විය.
     
    NDH/army media

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya