මෙරට පාසල් තුළ ක්‍රියාත්මක කරන ජාතික පරිසර නියමු වැඩසටහන තවදුරටත් පුළුල්ව හා ශක්තිමත්ව ක්‍රියාත්මක කිරීම මෙවර ලෝක පරිසර දිනයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ මූලික අභිලාෂය විය.
එම අපේක්ෂිත ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය විසින් මේ වන විට වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කරනු ලබයි.
ඒ සඳහා පරිසර නියමු කොමසාරිස්වරුන් වෙනුවෙන් පැවැත්වෙන තෙදින වැඩමුළුවේ සහතිකපත් ප්‍රදානෝත්සවයට පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් බී.එම්.යූ.බී. බස්නායක, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති විජයවන්ත ප්‍රතාපසිංහ, අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය සාරංග අලහප්පෙරුම යන මහත්වරු මෙම පරිසර නියමු ව්‍යාපෘතියට සහභාගීවීමට නියමිත වේ.
ECB