සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරු පළාතේ සංචාරය කරන විදේශිකයන්ට අනුමැතියක් අවශ්‍යයි Featured

    ඔක්තෝබර් 16, 2014
    උතුරු පළාතේ සංචාරය කරන විදේශිකයන් රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලිඛිත අනුමැතියක් ලබා ගන්නා ලෙස රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශය දැනුම් දෙයි.
     
    ඒ අනුව උතුරු පළාතේ ව්‍යාපෘති හෝ වෙනත් කටයුතු සඳහා ගමන් කරන විදේශීය නියෝජිතයන් හට සිය කාර්යභාරය හෝ අවශ්‍යතාවන් කවරේද යන්න පැහැදිලි ව සඳහන් කර ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කිරීම මඟින් පූර්ව අනුමැතියක් ගත යුතුය.
     
    ලේකම්, රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශය (හමුදා සම්බන්ධීකරණ නිලධාරීගේ අවධානය සඳහා), 15/5 බාලදක්ෂ මාවත, කොළඹ 03 යන ලිපිනයට හෝ ෆැක්ස් අංක +94112328109 වෙත ලිඛිත ව දැනුම් දිය යුතුය.
     
    ජාතික ආරක්ෂාව සහ රට තුළ පවතින සාමකාමී වාතාවරණයට බාධා එල්ලවන අයුරින් සිදු කෙරෙන කටයුතු වළක්වාලීම රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ වගකීමක් බැවින් මෙම පියවර ගැනීමට තීරණය කොට ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya