ඔක්තෝබර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවයින පුරා විහිදුණු සර්ව ආගමික සිද්ධස්ථානයන්හි පියසි මත නොමිලේ සූර්ය පැනල ස්ථාපිත කිරීමේ හරිත බලශක්ති ව්‍යාපෘතියක්

    ඔක්තෝබර් 27, 2024

    නව පුනරුද යුගයක අරුනලු සමඟින් මහජන කේන්ද්‍රීය බලශක්ති ක්ෂේත්‍රයක් කරා පියනගන බලශක්ති අමාත්‍යංශයේ මෙහෙයවීමෙන්, ඉන්දීය රජයේ ඩොලර් මිලියන 17 ක මුල්‍ය සහයෝගයක් සමඟින්, ලංකා විදුලි බල මණ්ඩලය හා ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය එක්ව දිවයින පුරා විසිරි පවතින සර්ව ආගමික සිද්ධස්ථාන ආවරණය වන පරිදි පියසි මත ඉදිවන සූර්ය බල ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ.

    මෙම ව්‍යාපෘතිය මඟින් දිවයින පුරා විසිරි පවතින පන්සල්, පිරිවෙන්, දේවස්ථාන, මුස්ලිම් පල්ලි හා හින්දු කෝවිල් යනාදී සියලුම සර්ව ආගමික සිද්ධස්ථාන ආවරණය කිරීම මෙමඟින් බලාපොරොත්තු වේ.

    මෙහි පළමු අදියර යටතේ 2025 වසර මුල්භාගය වන විට ආගමික සිද්ධස්ථාන 5000 ක් ආවරණය කිරීමට අපේක්ෂා කරනු ලබන අතර එම ආගමික සිද්ධස්ථානයන්හි පියසි මත මෙම කිලෝවොට් පහක (5 kw) ධාරිතාවයක් සහිත සූර්ය පැනට කට්ටල සවි කරනු ලැබේ. එමෙන්ම මෙමඟින් ආගමික සිද්ධස්ථාන වල විදුලිබිල අවම කිරීමට කටයුතු කරන අතර ආගමික සිද්ධස්ථානයේ විදුලි පරිභෝජනයෙන් පසු ඉතිරි වන විදුලි ඒකක ප්‍රමාණය ජාතික විදුලි බල පද්ධතියට එකතු කරනු ලැබේ.

    මුලික අදියර යටතේ ස්ථාපිත කිරීමට නියමිත මෙම සූර්ය විදුලි බල පද්ධති පන්දහස තුලින් මාසිකව එක් සූර්ය විදුලි පැනල පද්ධතියකින් විදුලි ඒකක 400-600 අතර ඒකක ප්‍රමාණයක් ජනනය කිරීමට නියමිතයි. 

    මෙහි පළමු අදියර යටතේ ස්ථාපිත කරන සමස්ත ධාරිතාවය මෙගාවොට් විසිපහකි. (25MW) මෙහිදී ජනනය වන ඇස්තමේන්තුගත වාර්ෂික විදුලි එකක ප්‍රමාණය මිලියන 37 ක් පමණ වේ.

    මෙම විදුලි ඒකක ප්‍රමාණය පොසිල ඉන්ධන භාවිතයෙන් ජනනය කලේ නම් වාර්ෂිකව දැරීමට සිදුවන සාමාන්‍ය පිරිවැය රුපියල් මිලියන 2650 ක් පමණ වේ. ඒ අනුව මෙම හරිත බලශක්ති ව්‍යාපෘතිය මඟින් වාර්ෂිකව ඉන්ධන භාවිතයෙන් විදුලිය ජනනය කිරීම සඳහා දැරීමට සිදුවන පිරිවැය සැලකිය ය්ටුහු මුදල් ප්‍රමාණයකින් අවම කර ගැනීමට හැකි වනු ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya