ඔක්තෝබර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති අද තානාපතිවරුන් කිහිප දෙනෙකු සහ යුරෝපා සංගම් නියෝජිත පිරිසක් හමුවෙයි

    ඔක්තෝබර් 25, 2024

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (25) ජනාධිපති කාර්යාලයේ දී දකුණු අප්‍රිකාවේ සහ නවසීලන්තයේ මහ කොමසාරිස්වරුන්, ඉරාන සහ මියන්මාර තානාපතිවරුන් මෙන්ම යුරෝපා සංගමයේ නියෝජිත පිරිසක් සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

    එම රටවල් සමඟ ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම මෙන්ම ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක් ඔස්සේ සහයෝගීතාව ඉහළ නංවා ගැනීම වෙනුවෙන් ගත යුතු ඉදිරි පියවර පිළිබඳ සොයා බැලීම මෙම සාකච්ඡාවල අරමුණයි.

    ශක්තිමත් ජාත්‍යන්තර හවුල්කාරිත්වයක් පවත්වාගෙන යාම වෙනුවෙන් තවදුරටත් ශ්‍රී ලංකාව කැප වී සිටින අතර ලොව සියලු රටවල් සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වැඩිදියුණු කර ගැනීම සහ ආර්ථික, දේශපාලන හා සමාජීය සහයෝගීතාව වර්ධනය කර ගැනීම ජනාධිපතිවරයාගේ අපේක්ෂාවයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya