ඔක්තෝබර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති සහ මියන්මාර තානාපතිනිය හමු වෙයි 

    ඔක්තෝබර් 25, 2024

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා  සහ  මියන්මාර තානාපති මාලර් තාන් ටයික් (Marlar Than Htaik ) මහත්මිය අතර හමුව ජනාධිපති කාර්යාලයේදී අද (25) පෙරවරුවේ සිදු විය.

    ශ්‍රී ලංකාවේ වත්මන් ආරක්ෂක තත්ත්වය පිළිබඳ මෙහි දී තානාපතිනිය දැනුවත් කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සංචාරකයින්ගේ සහ පුරවැසියන්ගේ ආරක්ෂාව මේ වන විටත් තහවුරු කර ඇති බව ද පෙන්වා දුන්නේය.

    මිනිස් ජාවාරම්කරුවන් විසින් මියන්මාරයේ රඳවා ගෙන සිටිනු ලබන ශ්‍රී ලාංකිකයන් නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී තානාපතිවරිය සමඟ දීර්ඝ ලෙස සාකච්ඡා කළේය.

    ශ්‍රී ලංකාව සහ මින්මාරය අතර පවතින වසර 75ක රාජ්‍යතාන්ත්‍රික සබඳතාව සහ දිගුකාලීන සංස්කෘතික සබඳතා තවදුරටත් තහවුරු කර ගැනීමට මියන්මාර රජය කැප වී කටයුතු කරන බව තානාපතිවරිය සඳහන් කළාය.

    කෘෂිකර්ම, අධ්‍යාපන සහ සංස්කෘතික යන ක්ෂේත්‍රවල ප්‍රවර්ධනය වෙනුවෙන් දෙරට අතර  සහයෝගීතාව ඉහළ නංවා ගැනීමේ වැදගත්කම ද මෙහිදී මාලර් තාන් ටයික් මහත්මිය පෙන්වා දුන්නාය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya