ඔක්තෝබර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉරාන තානාපතිවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වෙයි

    ඔක්තෝබර් 26, 2024

    ඉරාන තානාපති ආචාර්ය අලිරේසා ඩෙල්කොෂ් (Dr. Alireza Delkhosh) මහතා ඊයේ (25) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.

    පසුගිය ජනාධිපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් ජනාධිපතිවරයා වෙත හෘදයාංගම සුබපැතුම් පළ කළ තානාපතිවරයා ඉරාන ජනාධිපති මසුද් පෙසෙෂ්කියාන් (Masoud Pezeshkian) මහතාගේ විශේෂ සුබපැතුම් පණිවිඩය ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පිළිගැන්වීය.

    මැදපෙරදිග වත්මන් ආර්ථික සහ දේශපාලන තත්ත්වය පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරුණු අතර ශ්‍රී ලංකාවේ වත්මන් ආරක්‍ෂක පියවර පිළිබඳව ජනාධිපතිවරයා විසින් ඉරාන තානාපතිවරයාව දැනුවත් කරනු ලැබීය.

    මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ සහ මෙරට ජනතාවගේ ද ආරක්‍ෂාව තවදුරටත් සහතික කිරීම සඳහා මේ වන විට අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බවත්, රට තුළ සුරක්ෂිත පරිසරයක් පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකාව කැප වී සිටින බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

    ශ්‍රී ලංකාව සහ ඉරානය අතර පවත්නා දීර්ඝකාලීන ද්වීපාර්ශ්වීය සබඳතා පිළිබඳව ද මෙහිදී සිහිපත් කෙරුණු අතර නව ක්ෂේත්‍ර රැසක් ඔස්සේ ඉරාන – ශ්‍රී ලංකා සබඳතා ශක්තිමත් කර ගැනීම තම අරමුණ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    ඒ පිළිබඳව සුබවාදී ලෙස අදහස් දැක්වූ ඉරාන තානාපතිවරයා වෙළඳාම, තාක්‍ෂණය, සංස්කෘතිය සහ අධ්‍යාපනය යන ක්ෂේත්‍රවල නව වැඩසටහන් සඳහා ශ්‍රී ලංකාවට සහාය ලබා දෙන බවට ද සහතික විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya