මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මුලිතිව් වෙල්ලමුල්ලි වයික්කාල්හි බක්මහ උළෙලක් Featured

    අප්‍රේල් 12, 2014

    එළැඹෙන සිංහල හින්දු අලුත් අවුරුදු උළෙල නිමිත්තෙන් මුලතිවු වෙල්ලමුල්ලි වයික්කාල් නැගෙනහිර වැසියන් වෙනුවෙන් "විශේෂ බක්මහ උළෙලක්" පසුගිය දා පැවැත්වුණි.


    ශ්‍රී ලංකා යුද හමුදාවේ 68 වැනි සේනාංකය සහ 681 වැනි බලසේනා මුලස්ථානය විසින් ප්‍රදේශයේ සිවිල් වැසියන් සහ ආරක්ෂක අංශවල සාමාජිකයින් වෙනුවෙන් මෙම උත්සවය පසුගිය 06 වැනිදා සංවිධානය කරනු ලැබ තිබුණි.


    සාම්ප්‍රදායික අලුත් අවුරුදු ක්‍රීඩා විශාල සංඛ්‍යාවක් හින්දු සංස්කෘතික සිරිතට විරිතට මුල්තැන දෙමින් සංවිධානය කර තිබුණ අතර මෙම බක්මහ සැණකෙළියේ අවසන් අංගය ලෙස "තමිල් එෆ්.එම්." සේවයේ අනුග්‍රහයෙන් "සාරංගා " සංගීත කණ්ඩායම විසින් ඉදිරිපත් කරන ලද සංගීත ප්‍රසංගයක් ද සංවිධානය කර තිබුණි.


    500කට අධික ආරක්ෂක අංශ සාමාජිකයින් සහ 3000කට අධික සිවිල් වැසියන් පිරිසක් දවසපුරා පැවැත්වූ මෙම උත්සවයට සහභාගිවී සිටියහ.


    HC/mod

    Army organizes New Year festival vellamulli waikkal 1

    Army organizes New Year festival vellamulli waikkal 2

    Army organizes New Year festival vellamulli waikkal 3

    Army organizes New Year festival vellamulli waikkal 4

    Army organizes New Year festival vellamulli waikkal 5

    Army organizes New Year festival vellamulli waikkal 6

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya