නොවැම්බර් 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අද මුසල්කුට්ටි, ඕළුගස්කඩ සහ නිලාවේලි නගරවලට හිරු මුදුන් වේ

    අප්‍රේල් 12, 2014

    අද (12) අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී දිවයිනේ ස්ථාන කිහිපයක, විශේෂයෙන් බස්නාහිර, දකුණු, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයේත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    අද උදෑසන 05.30ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේද වැස්සක් බලාපොරොත්තු විය හැක


    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම

    කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


    දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, මෙම අප්‍රේල් මස 05 සිට 15 දක්වා ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශවලට

    ඍජුවම ඉහළින් පවතී.  අද (12), දහවල් 12.11ට මුසල්කුට්ටි, ඕළුගස්කඩ සහ නිලාවේලි යන නගරවලට හිරු මුදුන්ව පවතී.


    HC

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya