අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොදු මගී ප්‍රවාහනය ශක්තිමත් කිරීමට ගතහැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නවා

    අප්‍රේල් 11, 2014


    පොදු මගී ප්‍රවාහන ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමට ගතහැකි සෑම පියවරක්ම ගන්නා බව පුද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍ය සී.බී. රත්නායක මහතා පවසයි.


    ඒ සඳහා ප්‍රවාහනයට නවීන තාක්ෂණය ඒකාබද්ධ ගන්නා බවත්, රියැදුරු/ කොන්දොස්තරවරුන් සහ බස්රථ හිමියන්ගේ වෘත්තීය ගරුත්වය ඉහළ නැංවීම ඇතුළු අනෙකුත් අවශ්‍ය සියලු ම ක්‍රියාමාර්ග ගනිමින් සිටින  බවත් ඇමතිවරයා සඳහන් කරයි.  අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (10) පෙරවරුවේ ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ පැවති නව සභාපතිවරයා වැඩ භාර ගැනීමේ උත්සව අවස්ථාවට සහභාගී වෙමිනි. 

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ පොදු මගී ජනතාවගේ යහපත උදෙසා නව සභාපතිවරයා විසින් ගනු ලබන සෑම තීන්දුවකටම තම සහය හා ආශීර්වාදය ලබාදෙන බවයි. ජනතා හිතවාදී මිනිසුන් ලෙස අප සියලු දෙනාම ඒ සඳහා කැපවිය යුතු බවද අමාත්‍යවරයා පැවසීය.

     ඊයේ (10) වැඩ භාරගන්නා ලද ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ නව සභාපති රේණුක දුෂ්‍යන්ත පෙරේරා මහතා සඳහන් කළේ සංවර්ධනය වන රටක ආර්ථික ඵලදායීතාවයක් ලබාගැනීමට නම් විධිමත් ප්‍රවාහන සේවාවක් රටතුළ තිබිය යුතු බවයි. එවන් ප්‍රවාහන සේවාවක් රටතුළ ස්ථාපිත කිරීම උදෙසා මහින්ද චින්තනයට අනුව යමින් ජාතික ගමනාගමන කොමිෂන් සභාව හරහා ඉහළ කාර්යභාරයක් කිරීමට තමා කැපවන බවද සභාපතිවරයා පැවසීය.



     ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස ඊයේ දින වැඩ භාරගනු ලැබූ රේණුක දුෂ්‍යන්ත පෙරේරා මහතා ජාතික ගමනාගමන කොමිෂන් සභාවට පත් වූ 09 වන සභාපතිවරයා වේ. 

    නව සභාපතිවරයා වැඩ භාරගැනීමේ  අවස්ථාවට පුද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍ය සී. බී. රත්නායක, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග, පුද්ලික ප්‍රවාහන සේවා අමාත්‍යංශයේ ලේකම් පද්මසිරි ජයමාන්න යන මහත්වරු සහ තවත් දේශපාලන නියෝජිතයින් මෙන්ම  පෞද්ගලික මගී ප්‍රවාහන සංගම් හා සමාගම් රැසක නියෝජිතයින්, බස් හිමියන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

     ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya