අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සහල් සඳහා වන ආනයන බදු අඩු‍ කෙරේ Featured

    අප්‍රේල් 11, 2014


    දැනට සහල් ආන‍යනයේදී අ‍ය‍ කෙරෙන කි‍ලෝ ග්‍රෑමයට රුපියල් 20/-ක් වූ ආනයන තීරු බද්ද, 12%ක් වූ  එකතු කළ අගය මත බද්ද, 5%ක් වූ වරාය හා ගුවන් තොටුපොළ සංවර්ධන බද්ද හා 2% ක් වූ ජාතිය ගොඩනැඟීමේ බද්ද යන සියලු ම බදු ඉවත්කර, ඒ වෙනුවට රුපියල් 5/-ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් 2014 අප්‍රේල් 09 දින සිට ක්‍රියාත්මක වන පරිදි අය කිරීමට රජය තීරණය කර ඇති බව මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශය නිවේදනය කරයි.



    දැනට රට තුළ පවත්නා දැඩි නියඟය හේතුවෙන් අපේක්ෂිත සහල් අස්වැන්න නොලැබීම මත වෙළඳපොළේ සහල් මිල ඉහළයාමේ ප්‍රවණතාවයක් පවතින බැවින්, ඉදිරි උත්සව සමයේ දී පාරිභෝගික ජනතාවට සහන සැලසීම උදෙසා මෙම තීරණය ගෙන ඇත.

     

    2014 පෙබරවාරි වනවිට නියඟය හේතුවෙන් අහිතකර බලපෑමට ලක්ව ඇති වී වගා බිම් ප්‍රමාණය හෙක්ටයාර් 87,281 වන අතර, එහි වැඩිම බලපෑමක් වාර්තා වනුයේ උතුර හා නැගෙනහිර පළාත්වලින් බව කෘෂිකර්ම දෙපාර්තමේන්තු තොරතුරුවලට අනුව තහවුරු වේ. 


     ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya