අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාර්ග අනතුරුවලින් තොර රටක් පාපැදිවල පරාවර්තික ආරක්ෂිත ස්ටිකර් ඇලවීමේ වැඩසටහනක්

    අප්‍රේල් 10, 2014
     මාර්ග අනතුරවලින් තොර රටක් තේමාව පෙරදැරි කර ගනිමින් සංවිධානය කරන ලද පාපැදිවල පරාවර්තික ආරක්ෂිත ස්ටිකර් ඇලවීමේ දීපව්‍යාප්ත වැඩසටනේ පළමු අදියර මේ මස (11) වනදා ප.ව. 7.00ට ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතාගේ ප්‍රධානත්වයෙන් වාද්දුවේදී ආරම්භ කෙරේ.
     
    මෙම වැඩසටහනට සමගාමීව තංගල්ල, මාතර, ගාල්ල, ඇල්පිටිය, ගල්කිස්ස, පානදුර, කැලණිය, මීගමුව, පුත්තලම, හලාවත යන පොලිස් බලප්‍රදේශ තුළද මෙම වැඩසටහන එදිනම ක්‍රියාත්මක වන බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති ගාමිණී ඒකනායක මහතා පැවසීය.
     
    සභාපතිවරයා මේ බව පැවසුවේ අද (09) පස්වරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමිනි.
     
    පසුගිය දශකය තුළ මාර්ග අනතුරුවලින් පාපැදිකරුවන් 2691ක් මියගොස් ඇති අතර, 2013 වසරේ පමණක් 258ක් මියගොස් ඇත.
     
    මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ ප්‍රධාන අරමුණ වනුයේ අවාසනාවන්ත ලෙස මියයන ජීවිත රැකගැනීම බව සභාපතිවරයා තවදුරටත් පැවසීය.
     
    මෙම දීපව්‍යාප්ත වැඩසටහන මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව සහ ශ්‍රී ලංකා පොලීසිය එක්ව සංවිධානය කරයි.
     
    ECB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya