අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නීතිවිරෝධී මත්ද්‍රව්‍ය හා කර්මාන්ත විමර්ශන තොරතුරු මධ්‍යස්ථානයක් ඇරඹෙයි Featured

    අප්‍රේල් 10, 2014

    අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය මඟින් නීතිවිරෝධී මත්ද්‍රව්‍ය, දුම්කොළ හා මධ්‍යසාර කර්මාන්ත බලපෑම් විමර්ශන තොරතුරු මධ්‍යස්ථානය ආරම්භ කිරීම ඊයේ (09) සිදු කළ බව එම ආයතනය පැවසීය.


    හෙරොයින්, ගංජා ආදි නීතියෙන් සම්පූර්ණයෙන් ම තහනම් මත්ද්‍රව්‍ය මෙන්ම වෙළෙඳපොළෙහි ඇති දුම්වැටි හා මධ්‍යසාර මත්ද්‍රව්‍ය ලෙස හැඳින්වේ. මේ සියලු මත්ද්‍රව්‍ය වෙළෙඳාම හා ජාවාරම විධිමත්ව මෙන්ම අවිධිමත්ව ද සිදු කෙරේ. ජාතික හා ජාත්‍යන්තරව සිදු වන මත්ද්‍රව්‍ය භාවිතය ප්‍රචලිත කිරීම හා වෙළෙඳාම අඩපණ කිරීම සඳහා එම ව්‍යාපාරවල හැසිරීම හා ස්වභාවය හඳුනාගත යුතුව ඇත. මේ පිළිබඳ ව නිරීක්ෂණය කරන, ගවේෂණය කරන හා තොරතුරු විශ්ලේෂණය කරන කේන්ද්‍රස්ථානයක් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක නො වේ.

    මේ අවශ්‍යතාව හඳුනාගත් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය මත්ද්‍රව්‍ය, දුම්වැටි හා මධ්‍යසාර ව්‍යාපාරවල ක්‍රියාකාරිත්වය අධ්‍යයනය කිරීම, සමාලෝචනය අදාළ හවුල්කරුවන් සමඟ හුවමාරු කර ගැනීම සඳහා මෙවැනි සක්‍රීය මධ්‍යස්ථාන ආරම්භ කිරීමට කටයුතු කෙරිණි.

    මේ මධ්‍යස්ථානය සියලුම සන්නිවේදන පහසුකම් සහිතව ක්‍රියාත්මක වේ. අප්‍රේල් 09 දින සිය 30 වන සංවත්සරය සමරන අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය මෙවැනි මධ්‍යස්ථානයක් ආරම්භ කරන්නේ මෙතෙක් රටට දැඩි අවශ්‍යතාවක් වී ඇති කාර්යයන් ඉටුකිරීමේ අරමු‍ණෙනි.

    මේ මධ්‍යස්ථානය මඟින් මත්ද්‍රව්‍ය ජාවාරම් හා භාවිතය, ක්‍රියාකාරකම් පිළිබඳ තොරතුරු එක්රැස් කිරීම, විශ්ලේෂණය, සමාලෝචනය හා හුවමාරු සිදු කිරීමේ ක්‍රියාකාරකම් පාලනය කිරීම සඳහා ඍජුව මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කිරීමට ද නියමිතය. ඊට අදාළ තොරතුරු ලබාදීමට පොදු මහජනතාව, මේ ක්ෂේත්‍ර යේ නියැළී සිටින ක්‍රියාකාරීන්ට හා ප්‍රජාමූල මෙන්ම වෙනත් සංවිධානවලට අයත් පිරිස්වලට අවස්ථාව තිබේ. මේ මධ්‍යස්ථානයට පැමිණ තොරතුරු ලබාදෙන්නේ නම් ඒ සඳහා පහසුකම් ඇති අතර යම් තොරතුරක් ලබා දෙන්නේ නම් ඔවුන්ගේ රහස්‍යභාවය රැකීමට ද එම ආයතනය ක්‍රියාකරනු ඇත.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya