අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අද මදුරන්කුලිය, පැල්වෙහෙර, මනම්පිටිය සහ වාලච්චේන නගරවලට හිරු මුදුන් වේ

    අප්‍රේල් 10, 2014

    ඉදිරි දින කිහිපයේ දිවයින ආශ්‍රිතව වැසි ඇතිවීමේ හැකියාව අඩු මට්ටමක පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

     

    අද (10) උදෑසන 05.30ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව නිරිතදිග, බස්නාහිර සහ වයඹ වෙරළ තීරයේ උදය කාලයේ දී ද වැසි ඇති වේ.

     

    කෙසේවෙතත්, අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී බස්නාහිර, දකුණු, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

     

    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

     

    දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, මෙම අප්‍රේල් මස 05 සිට 15 දක්වා ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශවලට ඍජුවම ඉහළින් පවතී.  අද (10), දහවල් 12.12ට මදුරන්කුලිය, පැල්වෙහෙර, මනම්පිටිය සහ වාලච්චේන යන නගරවලට හිරු මුදුන්ව පවතී.   

     


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya