අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හෙට සිට දිවයිනපුරා සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසිවල තාවකාලික අඩුවීමක්

    අප්‍රේල් 09, 2014

    හෙට (10) සිට සවස් කාලයේ දී දිවයින පුරාම ගිගුරුම් සහිත වැසි ඇතිවීමට පවතින හැකියාව තාවකාලිකව අඩුවන ලකුණු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    එතෙක් දිවයිනේ බොහෝ පළාත්වල තැනින් තැන අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී  වැසි හෝ ගිගුරුම් සහිත වැසි තව දුරටත් ඇතිවේ.

     

    දකුණු, බස්නාහිර සහ නිරිතදිග වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේද වැසි ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

     

    දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, මෙම අප්‍රේල් මස 05 සිට 15 දක්වා ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශවලට ඍජුවම ඉහළින් පවතී.

     

    අද (09), දහවල් 12.12ට හලාවත, ඉබ්බාගමුව මහඔය සහ පලුකාමම්  යන නගරවලට හිරු මුදුන්ව පවතී.

     

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya