මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ධීවර ගැටලුවලට විසඳුම් සොයා ශ‍්‍රී ලංකා නියෝජිත පිරිස හෙට නවදිල්ලියට

    අගෝස්තු 28, 2014
    ඉන්දු - ශ‍්‍රී ලංකා ධීවර ගැටලුවට දිගුකාලීන විසඳුමක් සෙවීමේ අරමුණින් ඉන්දීය බලධාරීන් සමඟ හෙට (29) දිනයේ සාකච්ඡා කිරීමට ශ‍්‍රී ලාංකික නියෝජිත පිරිසක් ඉන්දියාව බලා පිටත්වයාමට නියමිතය.


    ධීවර අමාත්‍යංශයේ මෙන් ම එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් සමඟ නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයෙක්ද මෙම සාකච්ඡාව සඳහා සහභාගී වන බව ධීවර අමාත්‍යංශය පවසයි.

     

    ඉන්දු ලංකා ධීවර ගැටලුව සම්බන්ධයෙන් වූ පළමු වටයේ සාකච්ඡා මීට ඉහතදී පැවැතියත් යම් යම් අවස්ථාවලදී විවිධ ගැටලු  පැන නැගීම හේතුවෙන් එම සාකච්ඡා කඩිනමින් නිමා කරගැනීමට නොහැකි විය. එහෙත් ප‍්‍රථම වටයේ සාකච්ඡාවල ප‍්‍රගතියට අදාළ කරුණු සමඟ හෙට දිනයේ දෙවන වටයේ සාකච්ඡවලදී ඉදිරියට පැවැත්වෙනු ඇත. 

     

    නවදිල්ලි නුවර පැවැත්වෙන මෙම සාකච්ඡාව සඳහා ඉන්දීය පාර්ශවය වෙනුවෙන් ධීවර, ස්වදේශ මෙන් ම විදේශ කටයුතු අමාත්‍යංශ නිලධාරීන් සහභාගී වනු ඇත. පසුගිය 15 වැනි දාට යෙදුණු ඉන්දියාවේ 68 වන නිදහස් දිනය නිමිත්තෙන් ශී‍්‍ර ලංකා අත්අඩංගුවේ සිටි සියලු ඉන්දීය ධීවරයන් නිදහස් කිරීමට ද ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පියවර ගත්තේය.

    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya