මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රණ විරු රියල් ස්ටාර් සිවුවන මෙහෙයුම සේවා ප්‍රණාම ඇගයීම් සමරු ප්‍රදානය - 2014

    අගෝස්තු 28, 2014
    රණ විරු රියල් ස්ටාර්, ලොව ප්‍රථම මිලිටරි රියැලිටි වැඩසටහනේ සිවුවන අදියර සඳහා එය ආරම්භ කරන ලද හා මේ වන තෙක් එයට සිය උපරිම දායකත්වය ලබාදුන් සියලු දෙනා සඳහා සේවා ප්‍රණාම ඇගයීම් සමරු ප්‍රදානය කිරීමේ උත්සවයක් ඊයේ (27) බත්තරමුල්ල වෝටර්ස් එජ්හිදී ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබීය.


    ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වයත් ‍භෞමික අඛණ්ඩත්වයත් ආරක්ෂා කර ගැනීම සඳහා දශක තුනක් පුරාවට පැවති යුද්ධය නිමාකරලීමට සිය දිවිහිමියෙන් සටන් වැදුණු වීරෝධාර රණ විරුවන් පශ්චාත් යුද සමය තුළ සමාජගත කිරීමේ එක් නවමු සංකල්පයක් ලෙසින් මෙම රියැලිටි වැඩසටහන ආරම්භ කරන ලදී. 

     

    මෙහිදී රණ විරු රියල් ස්ටාර් සංකල්පය ‍ප්‍රථමයෙන්ම ලොවට බිහිකර එය ආරම්භ කර පවත්වාගෙන යෑමේදී සිය සුවිශේෂී නායකත්වයේ ලක්ෂණ පෙන්නුම් කරමින් හා අනෙකුත් සම්බන්ධීකරණ නිලධාරීන් ඉතා දක්ෂ ලෙස මෙහෙයවමින් එම වැඩසටහන තුළ ක්‍රියාශීලි හා ජීවමාන චරිතය මෙන්ම සමස්ත වැඩසටහනෙහි යෝධ සෙවණැල්ලක් වූ ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත හා ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනී අයෝමා රාජපක්ෂ මහත්මිය වෙත සේවා ප්‍රණාම ඇගයීම් සමරු තිළිණයන් ප්‍රදානය කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන සම්බන්ධීකාරක ලෙස ක්‍රියාකරන ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් දමයන්ති ජයරත්න මහත්මිය විසින් සිදු කරන ලදී.

     

    ආරක්ෂක ලේකම්තුමා විසින් මෙම වැඩසටහන සඳහා සජීවී දායකත්වයක් ලබා දුන් ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් දමයන්ති ජයරත්න මහත්මිය ඇතුළු අනෙකුත් අතිරේක ලේකම්වරුන් හා අතිරේක ලේකම්වරියන් වෙතත් ඒ සඳහා සහය දැක් වූ සියලු දෙනා වෙතත් සේවා ප්‍රණාම ඇගයීම් සමරු තිළිණයන් මෙහිදී ප්‍රදානය කරනු ලැබීය.

     

    මෙම සේවා ප්‍රණාම ඇගයීම් සමරු තිළිණයන් ලැබූ අනෙකුත් පිරිස අතර ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ජගත් ජයසූරිය, හිටපු නාවික හමුදාපති අද්මිරාල් ජයනාත් කොළඹගේ, යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් දයා රත්නායක, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ජයන්ත පෙරේරා, ගුවන් හමුදාපති එයාර් වයිස් මාර්ෂල් කෝලිත ගුණතිලක, යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ, ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න, ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ගගන බුලත්සිංහල, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති විමල් රූබසිංහ, ඩයලොග් ආසියාටා ආයතන අධ්‍යක්ෂ ආචාර්ය හෑන්ස් විජේසූරිය, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ ජෙනරාල් චන්ද්‍රපාල ලියනගේ හා ඩයලොග් ආසියාටා ආයතනයේ ප්‍රධාන සමූහ අලෙවි නිලධාරිනී අමාලි නානායක්කාර යන මහත්ම මහත්මීහු වූහ.

     

    ඊට අමතරව මෙම අවස්ථාවේදී රණවිරු රියැලිටි වැඩසටහනෙහි මුල් අවස්ථාවේ සිටම විනිශ්චයෙන් සහයෝගය ලබා දුන් ප්‍රවීණ ගායන ශිල්පී විශාරද එඩ්වඩ් ජයකොඩි, ප්‍රවීණ රංගන ශිල්පිනියක් වන යශෝධා විමලධර්ම මෙනවිය හා මෙම වැඩසටහනෙහි සංගීත අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන සමන්ත පෙරේරා යන කලා ශිල්පීන් වෙත ද මෙම සේවා ප්‍රණාම ඇගයීම් සමරු තිළිණයන් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පිළිගන්වනු ලැබීය.

     

    මෙම රණ විරු රියල් ස්ටාර් සිවුවන අදියරෙහි අනුශූරතාව දිනා ගන්නා ලද ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නායක ගුවන්භට දේශාන් දයාරත්න වෙත ටොයොටා ලංකා සමාගම විසින් පරිත්‍යාග කරන ලද ටොයොටා ඇවන්සා මෝටර් රථය එකී ජයග්‍රාහකයා වෙත නිල වශයෙන් පිරිනැමීමද මෙහිදී ආරක්ෂක ලේකම්වරයා අතින් සිදු කෙරිණි.

     

    NDH/mod

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya