මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් බත්තරමුල්ලේදී

    අගෝස්තු 28, 2014

    මෑත කාලීන ශ්‍රී ලාංකික ජනතාව මුහුණ දෙන ලෙඩ රෝග අතර ඩෙංගු උවදුර මිනිසාගේ අවිධිමත් ක්‍රියා කලාපය හේතුවෙන් දැඩි ලෙස ව්‍යාප්ත වීමේ අවදානමක් පවතී.


     නවතම දත්ත වාර්තාවන්ට අනුව කොළඹ දිස්ත්‍රික්කය තුළ ඩෙංගු ව්‍යාප්තවීමේ වැඩි අවදානමක් පවතින අතර, බත්තරමුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ එම තත්ත්වය ඉතාමත් අවදානම් බව ප්‍රකාශිතය. විශේෂයෙන් රාජ්‍ය ආයතන සහ පෞද්ගලික ආයතන මෙන්ම ජනගහනයෙන් ද විශාල ප්‍රමාණයක් මෙම ප්‍රදේශය ආශ්‍රිතව ජීවත් වීම තුළ මුහුණ දීමට සිදුව ඇති මෙම අවදානම් තත්ත්වය කෙරෙහි අවධානය යොමු කරමින් මධ්‍යම පරිසර අධිකාරය විසින් ඩෙංගු මදුරුවන් බෝවීම පාලනය කර එය වැළැක්වීම සඳහා ගෙන්ගෙට ගොස් ජනතාව දැනුවත් කිරීමේ ප්‍රජා සත්කාර වැඩසටහනක් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ඩබ්ලිව්.ඩී. ප්‍රතාපසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ක්‍රියාත්මක කරන ලදී. 


    මෙම අවස්ථාවට එක් වූ සභාපතිවරයා ප්‍රකාශ කළේ, මැලේරියාව ලංකාවෙන් තුරන් කළ ආකාරයෙන් ඩෙංගු උවදුර ද තුරන් කිරීමේ අවශ්‍යතාව මතුව ඇති බැවින් ඒ සඳහා රාජ්‍ය නිලධාරීන් වශයෙන් සියලු ම දෙනා සහය දැක්විය යුතු බවයි. 


    මෙහිදී මධ්‍යම පරිසර අධිකාරිය අවට රාජ්‍ය සහ පෞද්ගලික ආයතන 15ක පමණ නිලධාරීන් 150ක පමණ සහභාගීත්වයෙන් කණ්ඩායම් 08ක් වශයෙන් ආශ්‍රිත ප්‍රදේශයේ නිවෙස්, රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන සහ ඒවායෙහි අවට පරිසරයේ ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පරීක්ෂා කළ අතර, විධිමත් ක්‍රියාමාර්ග නොගත් නිවෙස්හිමියන් සහ ආයතන හිමිකරුවන් සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ද කටයුතු කරන ලදී.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya