මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අර්ධ සුඛෝපභෝගී බස් රථ 218කට එරෙහිව පියවර

    අගෝස්තු 28, 2014
     
    ආසනගත ප්‍රමාණයට වඩා මගීන් නංවාගෙන ධාවනයේ යෙදුණු අන්තර් පළාත් අර්ධ සුඛෝපභෝගී සේවා බස් රථ 218කට  එරෙහිව පියවර ගැනීමට  ජාතික ගමනාගමන කොමිෂන් සභාව මගින් කටයුතු කර ඇත.

    2014 ජනවාරි 01 සිට 2014 අගෝස්තු 20 දක්වා කොමිෂන් සභාවේ ජංගම පරීක්ෂණ ඒකකය විසින් සිදු කරන ලද වැටලීම්වලදී  අසීමිත ලෙස මගීන් පටවාගෙන යන ලද මෙම බස් රථ හසු කරගනු ලැබ ඇත. මෙලෙස අසීමිත ලෙස මගී නංවාගෙන යාමේ වරද සිදු කළ ඇතැම් බස් රථ එක්වරකට වඩා එම වරද සිදු කළ අවස්ථා ද ඇති අතර,  එවැනි බස් රථ 72ක් මේ අතර වේ.

    මගී ප්‍රවාහනය කරන අතරතුර වැරදි කරන බස් රථ වැටලීම් කඩිනම් කරන ලෙස ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති රේණුක පෙරේරා මහතා විසින් ජංගම පරීක්ෂණ අංශය වෙත උපදෙස් දෙනු ලැබ තිබේ. 

    ඒ අනුව මේ වන විට ජංගම පරීක්ෂණ අංශය විසින් දීප ව්‍යාප්තව අඛණ්ඩව වැටලීම් සිදු කරනු ලබයි. 
     
    අර්ධ සුඛෝපභෝගී සහ සුඛෝපභෝගී බස් රථ ආසන ප්‍රමාණයට වඩා  මගීන් නංවාගෙන ධාවනයේ යෙදීම ධාවන බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කිරීමක් වේ. එබැවින් මෙම බස් රථ අයත් බස්  හිමියන්ගෙන් අදාළ වරදට සමගාමී ව දඬුවම්  වශයෙන් පරිපාලන ගාස්තු අයකර ඇත. එසේම එක ම වරද අවස්ථා 3කට වඩා වැඩියෙන් සිදුකරන ලද රියැදුරු/කොන්දොස්තරවරුන් සඳහා යම් නිශ්චිත කාලසීමාවක් දක්වා සේවා අත්හිටුවීමට ද කටයුතු කර ඇත.

    මේ අතර අසීමිත ලෙස මගීන් නංවාගෙන ධාවනයේ යෙදුණු සුඛෝපභෝගී බස් රථ 31ක් ද අදාළ කාලසීමාව තුළ සිදු කළ වැටලීම්වලදී හසු වී තිබෙන අතර, ධාවන බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කිරීමේ වරදට  එම බස් රථවලට එරෙහි ව ද කටයුතු කර තිබේ.

    ECB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya