මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මේ මාධ්‍ය නිදහස උපරිමයෙන් පවතින යුගයක් - ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය

    අගෝස්තු 28, 2014

    විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය අංශයන්හි වැඩිම මාධ්‍ය ආයතන ප්‍රමාණයක ක්‍රියාකාරිත්වය පවතින මේ යුගය මාධ්‍ය නිදහස උපරිමයෙන් පවතින යුගයක් යැයි ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.


    මේ මඟින් ජනතාවට තොරතුරු දැනගැනීමේ පුළුල් පරාසයක් පවතින බවත් එමෙන් ම මාධ්‍යයට හා මාධ්‍යවේදීන්ට තම මාධ්‍ය ක්‍රියාකාරකම් සඳහා වර්තමානයේ දී පූර්ණ නිදහසක් පවතින බවත් අමාත්‍යවරයා කීය.

     

    මහනුවර කැන්ඩි සිටි සෙන්ටර්හිදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ බව පැවසීය. මෙරට ලියාපදිංචි පුවත්පත් සඟරා 154ක් පවතින්නේ යැයි ද ඉන් එක් මාධ්‍ය ආයතනයක් හැරුණුවිට අන් සියල්ලම පෞද්ගලික මාධ්‍ය ආයතන බව ද රඹුක්වැල්ල මහතා කීය. 

     

    එමෙන්ම ගුවන්විදුලි නාලිකා 52ක් හා රුපවාහිනි නාලිකා 22ක් පවතින බවත් ඉන් නාලිකා දෙක බැගින් පමණක් රාජ්‍ය මාධ්‍ය වන බවත් ඔහු පැවසීය. 

     

    මෙරට ඇතැම් මාධ්‍යයන් කිසිම පදනමක් නොමැතිව ජනාධිපතිතුමන්ට, ජනාධිපතිතුමන්ගේ පවුලේ අයට අමාත්‍යවරුන්ට ආණ්ඩුවට පහර පිට පහර එල්ල කළ ද මේ රටේ මාධ්‍ය නිදහස කිසිලෙසකින් හෝ කප්පාදු නොකරන රජය දවසින් දවස මාධ්‍ය නිදහසට උපරිමයෙන් අවස්ථාව ලබා දෙන්නේ යැයි ද රඹුක්වැල්ල මහතා කීය. 

     

    විපක්ෂය පවසන ආකාරයට රාජ්‍ය මාධ්‍යයට පක්ෂග්‍රාහි යැයි කිසි ලෙසකින් ඇඟිල්ල දිගු කළ ‍නොහැකි බව ද මේ රටේ ක්‍රියාත්මක අනෙකුත් 98%ක පෞද්ගලික මාධ්‍ය ක්‍රියාකාරිත්වය පිළිබඳ විපක්ෂයේ එම පිරිස් නිහඬ බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. 

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya