මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අපොස උසස් පෙළ ඇගයීම් කටයුතු අද සිට

    අගෝස්තු 30, 2014

    අධ්‍යයන පොදු සහතිකපත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රශ්නපත්‍රවල ඇගයීම් කටයුතු අද (30) ආරම්භ කෙරේ. සැප්තැම්බර් 12 වන දින දක්වා ඇගයීම් කටයුතු සිදු කරනු ඇත. 


    පළමු අදියරේ ඇගයීම් කටයුතු සඳහා පාසල් 10ක් සම්පූර්ණයෙන් වසා තබනු ඇත. දෙවන අදියර සැප්තැම්බර් 14 දා ආරම්භ කෙරෙන අතර 27 වනදා දක්වා ඇගයීම් කටයුතු සිදු කෙරේ. සම්පූර්ණයෙන් පාසල් 05ක් ද කොටසක් වසන පාසල් 17ක් තුළ ද ඇගයීම් කටයුතු සිදු කිරීමට නියමිතය.


    ඌව පළාත් මැතිවරණය හේතුවෙන් එම පළාතේ තිබෙන බදුල්ල විශාඛා බාලිකා විද්‍යාලය සම්පූර්ණයෙන්ම ඇගයීම් සඳහා වසා තැබෙන අතර බණ්ඩාරවෙල සීවලි මහ විදුහල කොටසක් ඇගයීම් සඳහා වසා තැබෙනු ඇත. මේ පාසල්වල සැප්තැම්බර් 24 සිට ඔක්තෝබර් 10 අතර කාලය තුළ ඇගයීම් කටයුතු සිදු කෙරේ.

    උසස් පෙළ පිළිතුරුපත්‍ර ඇගයීම් කටයුතු සඳහා 21,000ක් පමණ පරීක්ෂකවරුන් යොදවා ඇත. මධ්‍යස්ථාන 59ක පාසල් 45ක ඇගයීම් කටයුතු සිදු කෙරේ. ඇගයීම් මණ්ඩප 843ක දී ඇගයීම් සිදු කෙරේ.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya