මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මුලතිව් ගුවන් පථය නිසා ඉඩම් අහිමිවුවන්ට නව ඉඩම්

    අගෝස්තු 28, 2014
    මුලතිව් ගුවන් පථය සංවර්ධන කිරීමේ වැඩපිළිවෙළේදී ඉඩම් අහිමි වන පිරිස පවුල් තුනක් 
     
    බවත් එම ඉඩම් ප්‍රමාණය අක්කර පහක් බවත් එම පවුල් තුන වෙනුවෙන් ඔවුන් කැමති ස්ථානයකින් එම බිම් ප්‍රමාණය ලබාදෙන බවත් ඒ සඳහා ඔවුන් සිය කැමැත්ත පළ කර ඇති බවත් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක රුවන් වනිගසුරිය මහතා පවසයි.
     
    මේ යටතේ අක්කර 250ක ප්‍රමාණයක් ගුවන් පථය පුළුල් කිරීම වෙනුවෙන් අත්පත්කරගන්නා බවත් එම ඉඩම් රජයේ ඉඩම් බවත් ඒ මහතා පැවසීය. 
     
    මෙහිදී පවුල් තුනකට අයත් අක්කර පහක බිම් ප්‍රමාණයක් පමණක් එම අත්පත් කරගන්නා බිම් ප්‍රමාණයට අයත් අතර එම ඉඩම් ද කෘෂිකාර්මික කටයුතු සඳහා පමණක් අවසර ලබාදී තිබු ඉඩම් බවද පැවසූ ඒ මහතා කිසිවෙකුගේ පෞද්ගලික ඔප්පු සහිත ඉඩම් මෙයට අයත් නොවන බවත් පවසයි.
     
    යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (27) කොළඹ මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya