මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක රබර් සමුළුව ඔක්තෝබර් 27 සිට

    අගෝස්තු 28, 2014
    හතරවැනි වරටත් පවත්වනු ලබන ස්වභාවික රබර් පිළිබඳ ලෝකයේ ප්‍රධානතම සමුළුවක් වන 2014 - ලෝක රබර් සමුළුව, තෙදින ජාත්‍යන්තර සමුළුව ඔක්තෝබර් 27 සිට 30 දක්වා කොළඹ දී පැවැත්වීමට නියමිතය. 
     
    ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය හා CONEEXHUB GRC - 2014 සම සංවිධානත්වයෙන් පැවැත්වෙන මේ සමුළුවට ජාත්‍යන්තර රබර් පර්යේෂණ මණ්ඩලයේ හා ගෝලීය රාජ්‍ය නියෝජිතායතනය හා සංගම් 20කට අධික ප්‍රමාණයක සහය ලැබේ. 
     
    දේශීය වශයෙන් මේ සමුළුව සඳහා කර්මාන්ත හා වාණිජ කටයුතු , වැවිලි කර්මාන්ත යන අමාත්‍යාංශවල සහයෝගය ලැබේ. 
     
    මේ සඳහා රටවල් 25ක් නියෝජනය කරමින් විදෙස් නියෝජිතයන් 500ක් සහ ශ්‍රී ලාංකිකයන් 200ක් වශයෙන් විශේෂඥයන් හා නියෝජිතයන් 700ක් එක්රැස් වනු ඇත. රාජ්‍ය නියෝජිතායතනය, රබර් පර්යේෂණ සංවිධාන, රබර් සංගම් හා වාණිජ සමාගම් නියෝජනය කරන ආරාධිත දේශකයන් 18 දෙනෙකු පමණ මේ සමුළුව අමතනු ඇත.
     
    පසුගිය වසරේ මේ සමුළුව ඉන්දුනීසියාවේදී පැවැත්විණි. "ධරණීය අනාගතයක් සඳහා බීජ වැපිරීම" යන්න තේමා කර ගනිමින් පැවැත්වෙන ඉහළ වැදගත්කමක් සහිත මේ සමුළුව රබර් ක්ෂේත්‍රයේ සිටින විවිධ කර්මාන්තකරුවන් සඳහා දේශීය හා ගෝලීය වශයෙන් කර්මාන්ත මුහුණදෙන අභියෝග හා ඒ සඳහා ඇති අවස්ථාවන් පිළිබඳ වැඩිදුර දැක්මක් ලබාදීමට හැකි වේදිකාවත් ලෙස කටයුතු කිරීමට ද අපේක්ෂා කරනු ඇත. 
     
    ස්වභාවික රබර් පිළිබඳ ලෝකයේ ප්‍රධානතම සමුළුවක් වන 2014 - ලෝක රබර් සමුළුව, තෙදින ජාත්‍යන්තර සමුළුවක් ලෙස ඔක්තෝබර් 27 සිට 30 දක්වා කොළඹ දී පැවැත්වීමට නියමිතය. එයට සත්කාරකත්වය දැක්වීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලැබී ඇත.
     
    ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය හා CONEEXHUB GRC - 2014 සම සංවිධානත්වයෙන් පැවැත්වෙන මේ සමුළුවට ජාත්‍යන්තර රබර් පර්යේෂණ මණ්ඩලයේ හා ගෝලීය රාජ්‍ය නියෝජිතායතනය හා සංගම් 20කට අධික ප්‍රමාණයක සහය ලැබේ. දේශීය වශයෙන් මේ සමුළුව සඳහා කර්මාන්ත හා වාණිජ කටයුතු , වැවිලි කර්මාන්ත යන අමාත්‍යාංශවල සහයෝගය ලැබේ. 
     
    "ධරණීය අනාගතයක් සඳහා බීජ වැපිරීම"යන්න තේමා කරගනිමින් පැවැත්වෙන මෙම සමුළුව සඳහා රටවල් 25ක් නියෝජනය කරමින් විදෙස් නියෝජිතයන් 500ක් සහ ශ්‍රී ලාංකිකයන් 200ක් වශයෙන් විශේෂඥයන් හා නියෝජිතයන් 700ක් සහභාගිවීමට නියමිතය. 
     
    සමුළුව හරහා රබර් ක්ෂේත්‍රයේ සිටින විවිධ කර්මාන්තකරුවන් සඳහා දේශීය හා ගෝලීය වශයෙන් මුහුණදෙන අභියෝග හා ඒ සඳහා ඇති අවස්ථාවන් පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ගැනෙනු ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya