මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මැතිවරණය වෙනුවෙන් විශේෂ නිවාඩුවක් Featured

    අගෝස්තු 26, 2014
    2014 ඌව පළාත් සභා ඡන්ද විමසීමේ දිනයේ දී ඡන්දය ප්‍රකාශ කිරීමේ කාර්ය සඳහා නිවාඩු ලබා දෙන ලෙස ලියවිල්ලකින් ඉල්ලා සිටින සෑම සේවා නියුක්තියයෙකුටම නිවාඩු ලබාදිය යුතු බව මැතිවරණ මහ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
     
    ඒ අනුව එසේ ලබා දෙනු ලබන නිවාඩු කාලසීමාව, අනියම් සේවා නියුක්තිකයන් ද ඇතුළු ව සියලු ම සේවා නියුක්තිකයන් සම්බන්ධයෙන් වැටුප් සහිත වන විශේෂ නිවාඩුවක් ලෙස සැලකිය යුතු අතර, එය සේවා නියුක්තිකයන්ගේ සාමාන්‍ය නිවාඩු හිමිකමෙන් පිටස්තර විය යුතු බවත් සඳහන් කරයි.
     
    නිවාඩු දෙනු ලබන කාල සීමාව සේවා නියුක්තිකයාගේ කාර්යය ස්ථානය හා ඡන්ද පොළ අතර ඇති දුර ප්‍රමාණය මත සේවා යෝජකයා විසින් නිගමනය කළ යුතුය. 
     
    මැතිවරණය සඳහා ඡන්ද ප්‍රකාශ කිරීමට සේවා නියුක්තිකයන්ට ස්වකීය ඡන්දය දීමට හැකි වනු පිණිස නිවාඩු දීම සම්බන්ධයෙන් අදාළ වු 1988 අංක 02 දරන පළාත් සභා ඡන්ද විමසීම් පනතේ 123වන වගන්තියේ විධිවිධාන සලසා ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya