මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආනයනික අර්තාපල් හා ලොකු ලූනු බදු ඉහළට

    අගෝස්තු 26, 2014

    ආනයනික අර්තාපල් හා ලොකු ලූනු සඳහා අය කරන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද මාසයක් ඇතුළත දෙවැනි වතාවටත් ඉහළ දමා ඇති බව මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යංශය පවසයි.


    ඒ අනුව අර්තාපල් කිලෝවක් සඳහා පැවැති රුපියල් 15.00ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 40.00 දක්වා ද, ලොකු ලූනු කිලෝවක් සඳහා රුපියල් 25.00ක්ව පැවැති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 35.00 දක්වා ද ඉහළ දමා ඇති බව එම අමාත්‍යාංශය පවසයි.

    පසුගිය 11 වැනි දා ද ලොකු ලූනු හා අර්තාපල් සඳහා වන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද වැඩි කර ඇත. ඒ ලොකු ලූනු කිලෝවක් සඳහා වන බද්ද රුපියල් 15.00කින් හා අර්තාපල් කිලෝවක් සඳහා වන බද්ද රුපියල් 10.00ක් වන ලෙස බව මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.

     ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya