මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සූක්ෂ්ම ව මංකොල්ල කෑමේ නිරත පිරිසක් වවුනියාවෙන් අත්අඩංගුවට

    අගෝස්තු 26, 2014

    වව්නියාවේ පිහිටි නිවාස හා වෙළෙඳසැල්වලින් ඉතා සූක්ෂ්ම ව මුදල් රන් භාණ්ඩ හා විවිධ තාක්ෂණික උපකරණ මංකොල්ල කෑ ජාවාරම් කල්ලියක් වව්නියාව පොලිස් අපරාධ විමර්ශන ඒකකය අත්අඩංගවට ගෙන ඇත.


    මෙම මංකොල්ලකරුවන් විසින් තාලික්කුම නෙලුක්කුලම හා ඉකිරිගොල්ලෑව යන ප‍්‍රදේශවලින් මංකොල්ල කෑ තාක්‍ෂණික උපකරණ තොගයක් වව්නියාවේ වෙළඳසැලකට අලෙවි කිරීමට උත්සහ කරමින් සිටි අවස්ථාවේ දී එම ස්ථානයේ සිවිල් ඇඳුමින් සිටි පොලිස් නිලධාරීන් පිරිසක් විසින් මංකොල්ලකරුවන් දෙදෙනෙකු හා තාක්‍ෂණික උපකරණ තොගය අත්අඩංගුවට ගනු ලැබ තිබේ. එම සැකකරුවන්ගෙන් ප‍්‍රශ්න කිරීමේදී ඔවුන් විසින් සිදු කරන ලද මංකොල්ල කෑම් කිහිපයක් පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇත.


    මෙම මංකොල්ලකරුවන් විසින් නිවෙස්වලින් හා වෙළෙඳ සැල්වලින් රුපියල් ලක්‍ෂ 5කට ආසන්න මුදල් ද තාක්‍ෂණික උපකරණද විශාල ප‍්‍රමාණයක් සොරාගෙන ඇති බවත් සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔවුන් ළඟ මුදල් තිබී නොමැති අතර එම මුදල් ඔවුන් විසින් වියදම් කරනු ලැබූ බවට වව්නියාව පොලීසියට කියා තිබේ.

    මෙම සැකකරුවන් ඊයේ (25)දා අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබූ අතර අනෙකුත් මංකොල්ලකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වව්නියාව පොලීසිය පරීක්‍ෂණ ආරම්භ කොට ඇත.

    මෙම මංකොල්ල කරුවන් අත්අඩංගුවට ගැනීම වව්නියාව මන්නාරම් නියෝජ්‍ය පොලිස්පති යූ.කේ. දිසානායක මහතාගේ උපදෙස් පරිදි ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී වසන්ත වික‍්‍රමසිංහ මහතාගේ අධීක්‍ෂණයෙන් සහකාර පොලිස් අධිකාරී ජී.එම්. සෝමරත්න මහතා සහ වව්නියාව මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක චන්න අබේරත්න යන අයගේ නායකත්වයෙන් අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක බංඩාර ජයතිලක මහතාගේ නායකත්වයෙන් එම ඒකකයේ නිලධාරීන් වන උප පොලිස් පරීක්‍ෂක ලක්මාල් පොලිස් කොස්තාපල්වරුන් වන (36099) වික‍්‍රමසූරිය (38348) දිසානායක (60945) උපාලි (86404) චාමර (70866) අබේරත්න (36508) ජයප‍්‍රකාශ්  සහ (80041) හම්සාන් යන විසින් සිදු කරනු ලැබ ඇත.

     

    NDH/HC

    S1330035

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya