මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මත් උවදුර මැඬලන්නට ඉන්දු - ලංකා සාකච්ඡා

    අගෝස්තු 22, 2014
    ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර නිරන්තරයෙන් සිදුවන මත්ද්‍රව්‍ය ප‍්‍රධාන කොටගත් අනෙකුත් නීතිවිරෝධී ක‍්‍රියාවන් මැඬලීම සම්බන්ධයෙන් එක්ව කටයුතු කිරීමට දෙරටේ නියෝජිතයෝ හමුවී සාකච්ඡා පවත්වති.

    ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මත්ද්‍රව්‍ය ජාවාරම් මැඬලීම සඳහා අනුගමනය කළ යුතු ඉදිරි ක‍්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙහිදී වැඩිදුරටත් කරුණු සාකච්ඡා වූ අතර ඒ සඳහා වූ ආරක්ෂක තොරතුරු හුවමාරු කරගැනීමට ද මෙහිදී එකඟතාව පළ වී ඇත. 

    මීට ඉහත දී ද දෙරට අතර සිදු වන විවිධ ජාවාරම් මැඬලීම සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වනු ලැබීය. එම සාකච්ඡාවල තීරණාත්මක හමුවක් පසුගිය 20 සහ 21 යන දිනයන්හි දී නවදිල්ලි නුවර දී පැවැත්විණි. මෙම සාකච්ඡාව සඳහා ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් උතුරු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත ජයසුන්දර සහ මත්ද්‍රව්‍ය නාශක අංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් සිල්වා යන මහත්වරුන් ද ඉන්දීය මත්ද්‍රව්‍ය නාශක අංශයේ උසස් නිලධාරීහු පිරිසක් ද එක්වූහ.

    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya