මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඔක්තෝබර් 31ට පෙර සියලු හැඳුනුම්පත් නිකුත් කරනවා Featured

    අගෝස්තු 20, 2014
    මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින දරුවන්ගෙන් ජාතික හැඳුනුම්පත් සඳහා මේ වන විට ලැබී ඇති ඉල්ලුම්පත් සඳහා ඔක්තෝබර් 31වැනි දිනට ප්‍රථම හැඳුනුම්පත් නිකුත් කිරීමට කටයුතු කරන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ආර්.එම්.එස්. සරත් කුමාර මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (20) ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.
     
    "මේ වසරේ සාමාන්‍ය පෙළ විභාගය සඳහා 450,000කට ආසන්න පිරිසක් ඉදිරිපත්වීමට නියමිතව ඇත. මේ වන විට ඉල්ලුම්පත් 283,749ක් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇත. ඉන් 150,000ක් වෙත ජාතික හැඳුනුම්පත් නිකුත් කොට තිබේ. සෙසු අයදුම්කරුවන් සඳහා නිසි වයස සම්පූර්ණ වී නොමැති වී ඇති අතර නිසි වයස සම්පූර්ණවීමත් සමඟින් ඔවුන් සඳහා ද ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමට කටයුතු කරනු ලැබේ".
     
    අයදුම්පත් 3500ක් පමණ විවිධ අඩුපාඩුකම් සහිත ව ලැබී ඇති බවත් පැරණි ක්‍රමය යටතේ සුළු සුළු අඩුපාඩු සම්පූර්ණ කිරීමක් සිදු කොට හෝ අනුමාන කිරීමකින් යුතුව හැඳුනුම්පත් නිකුත් කළ බවත් පෙන්වා දුන් කොමසාරිස් ජනරාල්වරයා වර්තමාන ක්‍රමවේදයන් අනුව එලෙස සිදු කළ නොහැකි බවත් වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya