මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "GLUFOOD" වෙළෙඳ ප්‍රදර්ශනය - 2015 Featured

    අගෝස්තු 21, 2014
    20 වන "GLUFOOD" වෙළෙඳ ප්‍රදර්ශනය 2015 පෙබරවාරි 8 සිට 12 දක්වා ඩුබායි එක්සත් එමීර් රාජ්‍යයේ දී පැවැත්වේ.
     
    ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, ඩුබායි හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයේ සහයෝගීත්වයෙන් මෙම වෙළෙඳ ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලාංකික ආහාරපාන සැකසුම්කරුවන් සහ අපනයනකරුවන් සහභාගිකරවීමට කටයුතු සංවිධානය කර ඇත.
     
    මැද පෙරදිග හා උතුරු අප්‍රිකානු කලාපයට සහ ලොවට ශ්‍රී ලංකාවෙන් අපනයනය කරනු ලබන ආහාරපාන ධාරිතාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මෙම ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකාවෙන් ආහාරපාන සැකසුම්කරුවන් හා අපනයනකරුවන් සහභාගි කරවීමට ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය කටයුතු කරයි.
     
    ඒ අනුව ආහාරපාන සැකසුම්කරණයේ සහ අපනයන ක්ෂේත්‍රයේ නියැළෙන සහ ජාත්‍යන්තර වෙළෙඳපොළ අවශ්‍යතාවට ගැළපෙන නිෂ්පාදන ධාරිතාවක් සහිත, තම නිෂ්පාදන ධාරිතාව වෙළෙඳ අවශ්‍යතාවන් අනුව පුළුල් කළ හැකි මට්ටමේ සැකසුම්කරුවන්, අපනයනකරුවන් පිරිසක් තෝරාගෙන මෙම ප්‍රදර්ශනය සඳහා සහභාගි කරවීමට ද ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය අපේක්ෂා කරයි.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya