මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොතලාවල විශ්වවිද්‍යාල පර්යේෂණ සමුළුව හෙට සිට

    අගෝස්තු 20, 2014
    කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව හෙට (21) ආරම්භ වන බවත් එය 22 වැනිදා දක්වා පැවැත්වෙන බවත් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පීඨාධිපති මහාචාර්ය රංජිත් පෙරේරා මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (20) ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.
     
    මෙවර එහි තේමාව වනුයේ අධ්‍යාපන පරීක්ෂණ හා නව සොයා ගැනීම් තුළින් රටක සංවර්ධනයට බුද්ධියෙහි සීමාව විකාශනය කිරීමයි.
     
    මෙම සම්මන්ත්‍රණය තුළ දී ශාලා 08ක් තුළ නිබන්ධන 350ක් පමණ ක්‍රියාත්මක කරන බව පෙන්වා දුන් ඒ මහතා ජාත්‍යන්තර වශයෙන් චීනය, ඉන්දියාව ඇතුළු රටවල් රැසක් නියෝජනය කරමින් පර්යේෂකයන් මෙම සමුළුවට සහභාගි වන බවත් පෙන්වා දුන්නේය.
     
    මෙම සම්පූර්ණ සමුළුව සජීවි ලෙස වෙබ් අඩවියක් හරහා මුදාහැරෙන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya